පොලීසියෙන් දැනුම්දී ඇත්තේ ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් හට එම මාර්ගය හැර වෙනත් විකල්ප මාර්ග භාවිතා කරණ ලෙස දැනුන් දී තිබේ.
ඒ 75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් හේතුවෙන් බවයි පොලිසිය සදහන් කරන්නේ.
නිදහස් උත්සවයේ පෙරහුරු සහ නිදහස් උත්සව දිනය දා රියදුරන් හට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්
“විශේෂයෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනේ, මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, ඒ වගේම 4 වන දින මේ උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන්න. මේ මාර්ගම භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්, පැදිකරුවන් විකල්ප මාර්ග භාවිත කරන්න කියලා කියන ඉල්ලීම තමයි අපි සිදුකරන්නේ. ඔබට බාධාවකින් තොරව ගමන් කිරීම හැකියාව තියෙනවා. කොළඹ නගරය පුරාම අවශ්‍ය රථ වාහන නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. ඒ නිසා රථවාහන තදබදයක් ඇති නොවී ඔබට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. තමන්ගේ ගමනාන්තය සම්පූර්ණ කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්න කියන ඉල්ලීම කරනවා.”














































