දින හතක සටන් විරාමය අවසන් වීමෙන් පසු යළිත් ගාසා තීරයේ සටන් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ .
සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් එකිනෙකාට චෝදනා කරගෙන ඇති අතර සටන් විරාමයෙන් පසු එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 178 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ළමුන් සහ කාන්තාවන් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 589ක් බව සඳහන්.
එමෙන්ම ත්‍රස්ත ඉලක්ක 200කට පහර දුන් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ .