හෙට (18) දිනයේ සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.
ගෑස් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් අද(17) දිනයේ සිදු කළ බවත් ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද රාත්‍රියේ සිට ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.