ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර ඇත.
එම මිල අඩු කිරීමට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු.113.00 කින් මිල අඩු කෙරෙන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු.45.00 කින් අඩු කෙරේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු.21 කින් පහත දමා ඇත.
එම සමාගමේ සභාපති මුදිත පරීස් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් දැනුම් දෙන ලදී.