ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු වීමට ඉඩ ඇති බවයි.
ඒ අනුව මේ වන විට පවතින ලිට්‍රෝ ගෑස්වල මිල රු.200.00 – 300.00 අතර අගයකින් පහත යා හැකි බව වාර්තා වේ.
අද (08) දිනයේ දී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී මිල ගණන් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් අනුමැතිය හිමිවනු ඇත.
මෙසේ මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ ලිට්‍රෝ සමාගම පසුගිය ජූලි මාසයේ සිට ලාභ ලැබීම හේතුවෙන් බව ද මෙහිදී එම සමාගම සඳහන් කර ඇත.