කිලෝග්‍රෑම් දොළහයි දශම පහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමේදී රුපියල් 2,000 ක පමණ පාඩුවක් අත්විඳින බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව ප්‍රකාශ කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියනයක පාඩුවක් සමාගම ලබා ඇති බවයි.
ඒ හේතුවෙන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගෑස් මිල වැඩි කිරීමේ තීරණයක් ගත යුතු බවයි ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වනවිට 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,675 කට අලෙවි කරන අතර, ඒ සඳහා සමාගම විසින් දරණ පිරිවැය රුපියල් 4,662 ක් බව එම මාධ්‍ය හමුවේදී අනාවරණ වී ඇත.