ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවට එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සදහන්.
මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට පෙර පවසා තිබූණි.














































