ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගෑස් රැගත් නෞකාවක් දිවයිනට ලඟා වී ඇති බවයි.
ගෑස් මෙට්‍රික්ටොන් 3,740ක් රැගත් දෙවන ගෑස් නෞකාව හෙට (11) දිනයේ මෙරටට ලඟාවීමට නියමිතව ඇත.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද (10) දින පැමිණි නෞකාව පස්වරු 03.00ට පමණ කෙරවලපිටියට පැමිණීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනපති උපදෙස් ලබා දී ඇති බවයි.
එමෙන්ම ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,200ක් රැගත් තෙවන නෞකාව ජුලි 15 වනදා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු ජුලි 12 වනදා සිට ක්‍රමානුකූලව සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.