ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව ඇන හිට ඇති බව වාර්තා වේ.
ගිනිගත්හේන දියගල ප්‍රදේශයට අද (27) අලුයම ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙලෙස ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බැවින් මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම වාහන හැටන් හරහා ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.













































