පාතාල ක්‍රියාකරුවෙකුගේ හිතවතෙකු බව කියන තරුණයෙකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වාර්තා කර තිබේ.
සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ (සොත්තිඋපාලිගේ පුතා)හිතවතෙකු බවත් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කොළඹ රාජකීය ගෝල් ක්ලබ් බොරැල්ල ප්‍රදේශයේ දී මෙම 28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශණ සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දුන් බවද වාර්තා කරන ලදි.
















































