මාවනැල්ල ප්‍රාදේශීය සභා උප සභාපති කේ.ජී.පියතිස්ස මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් අද (07) මාවනැල්ල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතව ඇත.
පසුගිය 03 වනදා මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලයේ ගුරු – විදුහල්පති වැටුප් විශමතා ගැටලුව සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් සහ ගුරුවරුන් එක්ව පාසල් මට්ටමින් පවත්වන ලද විරෝධතාවයේ දී අදාළ මන්ත්‍රීවරයා පැමිණීමත් සමග ඇති වූ ගැටලුව පිළිබඳව මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවීම මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත.
මාවනැල්ල මෙඩේරිගම මහා විද්‍යාලය තුළට තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සමග කඩාවැදී උප සභාපති කේ.ජී.පියතිස්ස මන්ත්‍රීවරයා විසින් එහි සිටි ගුරුවරුන්ට තර්ජනය කරමින් විරෝධතාවයේ යෙදී සිටි දෙමාපියන් එළවා දමා ඇත.
මෙම සිදුවීම වී දැනට දින කිහිපයක් ම ගතව තිබුණ ද මේ වන තෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මෙලෙස දෙමාපියන් සහ ගුරුවරුන් විසින් අද දිනයේ මාවනැල්ල පොලිසිය වටලමින් විරෝධය පල කර ඇත.