English
සිංහල
22:11 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාධිපතිට රහසේම සේවා දිගුවක්?. තවත් තනතුරු ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් දේශපාලන වන්දනාවක.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    හෙට 2022 දෙසැම්බර් මස 31 වැනිදාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් කිහිපදෙනෙකුම හෙට විශ්‍රාම යාමට නියමිතව තිබේ. එම හිස් වන තනතුරු සඳහා තමන්ගේ නම යෝජනා කරගැනීමට  විවිධ නිලධාරීන් මේ වන විටත් දේශපාලඥයන් පසු පස වන්දනාවක යමින් සිටි.

    තමන්ට හිතවත් මාණ්ඩලික නිලධාරීන් පත්කරවා ගැනීම සඳහාද දේශපාලන තරඟයක් ඇතිව තිබේ. එම තරඟයේ ඉහලින්ම සිටින්නේ  පොදුජන පෙරමුණය. මේ වන විටත් බොහෝ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම විවිධ තනතුරු දරන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන්ගේ ගජ මිතුරන්ය.

    කෙසේ නමුත් මේ තරඟය තුල ජනාධිපතිවරයාට සමීප නියෝජිතයෙකුට දුරකථන ඇමතුම් විශාල වශයෙන් පැමිණෙමින් තිබෙන්නේ මෙම පත්වීම් සඳහාය. ඔවුන්ගේ පිළිතුර වී තිබෙන්නේ එම පත්වීම් සකසන්නේ අග්‍රාමාත්‍යවරයා බැවින් තමන් ඒ සඳහා මැදිහත්ව නොවන බවය.

    මාණ්ඩලික ශ්‍රේණියේ බොහෝ උසස් නිලධාරීන් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලඥයන් සමග සමීප සබඳතා පවත්වති. මේ පත්වීම් දැන් අච්චාරුවක් බවට පත්ව තිබෙන නමුත් ජනාධිපතිවරයාගේ තීක්ෂණ බුද්ධියට ගලපමින් අනාගත මැතිවරණ ඉලක්ක කරගනිමින් දේශපාලනයක් නොකරන හෝ තමන්ට හිතවත් නිලධාරීන් එසේ  හිස්වන ස්ථානවලට පත්කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් නැවත නැවතත් පීඩා විඳින්නේ මෙරට ජනතාවමය.

    මේ අතර ගුවන්  හමුදාධිපති සුදර්ශන පතිරණ මහතා හෙට (31) විශ්‍රාම ගත යුතුව තිබේ. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැරණිතම සමීප මිතුරෙකි. ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුනේ 2020 වර්ෂයේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ෂය බැගින් වූ සේවා දිගු දෙකක් ඔහුට ලබා දුන්නේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි දක්ෂතම ජේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුටම ගුවන් හමුදාධිපති පුටුව පෙනී පෙනී විශ්‍රාම යාමට සිදු විය. එයාර් වයිස් මාෂල් තුයියාකොන්තා, එයාර් වයිස් මාෂල් පායෝ වැනි කෙලින් වැඩකළ දක්ෂ නිලධාරින්ට නිකන්ම ගුවන් හමුදාවෙන් යාමට සිදු විය. ශ්‍රී ලංකාවේ මහජනතාවට අයත් හමුදාවක් ලෙස එය ජනතාව ලැබූ දැවැන්ත පරාජයකි. ගෝඨාභය රාජපක්ෂ යනු රටින් පලා ගිය ජනාධිපතිවරයෙක් බැවින්, ඔහුගේ සමීපතමයන් ගැනද අමුතුවෙන් ලියන්නට යමක් නැත. ඔවුන්ද අසමතුන් බව ඔප්පු වී අවසන්ය. සුදර්ශන පතිරණ මහතාද අසමත් ගුවන් හමුදාධිපතිවරයෙකු බව අප සාක්ෂි සහිතවම අනාවරණය කර තිබේ. නමුත් පවතින රජය හෝ පැවති රජයන් සත්‍ය මාධ්‍ය වාර්තා පසෙකට දමා තමන්ගේ හිතවතුන් වෙනුවෙන් කටයුතු කරන බව අමුතුවෙන්ම ලියන්නට ද දෙයක් නැත.  සුදර්ශන පතිරණ මහතාගේ දූෂිත ගනුදෙනු, කටයුතු, නීතිවිරෝධී ක්‍රියාවන් ගණනාවක්ම, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වීමට පෙර අප හෙළිදරව් කර තිබේ. නමුත් කමල් ගුණරත්න මහතා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය සිදුකලේ අපගේ ලිවීමට විරුද්ධව කටයුතු කිරීමය. එම සිදුවීම මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට සහ ගරු ශ්‍රේඨාධිකරණයට මෙන්ම එක්ෂත් ජාතීන්ගේ සංවිධානය දක්වාම ගොස් අවසන්ය.

    කෙසේ හෝ ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතාට තවත් මාස 6 ක් සේවා දිගුවක් ලබා දී තිබෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. ඒත් සමගම ඔහුගේ ගෝලයෙකු ගුවන් හමුදා පුටුවේ වාඩි කරවීමට ඔහු දැඩි උත්සාහයක යෙදෙන බවද ආරංචිමාර්ග පවසයි. කෙසේ නමුත් මාස 6 ක සේවා දිගුව ලබා දුන් ලිපිය සියැසින් දුටු පුද්ගලයෙකු නැත. එසේම වර්තමානයේ සිටින රාජ්‍ය ආරක්ෂක ලේඛ්ම්වරයා, යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති මෙන්ම පොලිස්පතිවරයාද මහජනතාවගේ දෝෂදර්ශනයට ලක්ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ඉහලම නිලයන්ය. බුද්ධි වාර්තා නිසි ලෙසම ජනාධිපතිවරයාට ලැබෙන්නේ නම් ඒවා එහි සඳහන්ව තිබිය යුතුය.

    එසේම ගෝඨාභය රජය පත් වූ වහාම යහපාලනයට එරෙහිව කටයුතු කල මාණ්ඩලික නිලධාරීන් උසස් තනතුරුවලට පත් විය. උදාහරණයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා එකල සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විය. සබරගමුවේ පාසල් වල තිබෙන ප්‍රශ්න විසදීමට ඔහු කටයුතු නොකළ අතර පාසල් වල ප්‍රශ්න ඇති කරන ලදී. ඒ හේතුවෙන් අම්බැවිල වජිරවංශ පාසලේ දෙමාපියන් කිහිප දෙනෙකු ඔහුට විරුද්ධව ගොඩකවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. නමුත් එම පැමිණිල්ල තවමත් විභාග කර නැත. දැන් ඔහුගේ ඊලඟ පිම්ම වී තිබෙන්නේ සබරගමුවේ පළාත් ලේකම්වරයා වීමටය. වැඩ බැරි ටාසන්ලා මෙන්ම දේශපාලනය කරමින් උසස්වීම් ලබා ගෙන තිබෙන සියලුම නිලධාරීන් මෙරටට තිබෙන ප්‍රධාන සාපයක් බව වර්තමාන ජනාධිපතිවරයා හදුනාගෙන තිබෙන බව අප දුටුවේ 2015 රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්නා පුද්ගලයන්ට විශ්‍රාම වැටුප නොදීමට ගත තීරණය නිසාය .  

    ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි ඔහු දේශපාලනය නොකලත්, යටින් දේශපාලනය නොකර රට කෙලින් කිරීමට නොහැකිවනු ඇත. එබැවින් සියලුම පත්වීම් සහ සේවා දිගු ලබාදීමේදී ඔවුන් සියලුම දෙනාගේ දේශපාලන අතීතයන් සෙවීමට සිදු වේ. එසේම ජනාධිපතිවරයාගේ සමහර සමීපතමයන්ද, විරුද්ධ පක්ෂ සමගද සමීපතවම කටයුතු කරයි. එසේම ජනතාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සමීප සබඳකම් තිබෙන පුද්ගලයන්ද ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරයි.  එබැවින් ආරක්ෂක ලේකම්වරයාගේ සිටම පහලට සියලුම දේශපාලන පත්වීම් මෙන්ම දේශපාලනයෙන් උසස්වීම් ගත්තෝද, විවිධ දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ද උපක්‍රමශීලීව තනතුරුවලින් පහකිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොකළ හොත් මටද කණගාටුවෙන් වුවත් ලියන්නට වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් 2022 මැයි මස 9 වැනිදා මා ලියු ලිපියමය. එහි සදහන් වන්නේ “ගෝඨාභයටත් ගඩාෆිට සිදු වූ දේම වන ලකුණු” ලෙසයි. මා සදහන් කල ආකාරයට කටයුතු සිදු නොකර සහ තව තවත් ගැඹුරින් අධ්‍යයනය නොකර කටයුතු කරන්නේ නම් “ ගඩාෆිට සහ ගෝඨාභයට සිදු වූ දේම රනිල්ටත් වන ලකුණු” ලෙස නොබෝ දිනකින්ම ලිපියක් ලිවීමට සිදු වේ.

    අපට සාමකාමී රටක් අවශ්‍යයි. අපගේ දරුවන්ටද එසේමය. නමුත් දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ලෙස තව දුරටත් මෙරට විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුය. අරගල සමයේ මා ලියු ලිපි දෙස අවධානය යොමුකරමින් කටයුතු කලේ නම් මෙරට ආරක්ෂක අංශවල ගරුත්වය අනිවාර්යෙන්ම සුරැකේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවන විට ජනතාවගේ හිතේ, ඔහු වෙනුවෙන් ලිය වී තිබු ගරුත්වය සහ බලපොරොත්තුවද බිද වැටී ගොසිනි. එය සිදුවන්නේ ජනාධිපති ලේඛම් කාර්යාල මුදවා ගත් දිනයේ “ගෝඨා ගෝ ගමට” පහර දුන් නිසාය. එබැවින් දැන් ජනාධිපතිවරයා කටයුතු කලයුත්තේ රට තුල තිබෙන දේශපාලන අර්බුධය නිසි ලෙස හදුනාගෙන වන අතර සියලුම පත්වීම් පවා ලබා දිය යුත්තේ මහජන සුභ සිද්ධිය පදනම් කරගනිමිනි. එසේම වැඩ නොකරන රාජ්‍ය නිලධාරීන්ට ආයතන සංග්‍රහයට සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දෙමින් මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන තැනට සියලුම කටයුතු සිදුකල යුතුව තිබේ. ඒ අතර නව පරපුරක් බිහිකිරීමට අවශ්‍ය තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳව පණත් ද සැකසිය යුතුව තිබේ.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න. උපාධි අපේක්ෂක (OUSL ) – තරුණ සහ ප්‍රජාසංවර්ධනය. පොදුරාජ්‍ය මණ්ඩලීය එක්සත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික

    0717538677

    ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු.

    0717538677

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version