English
සිංහල
19:03 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාපතිට චෝදනා පත්‍රයක්.නීතිය දන්නෙ නැතිනම් නීතිය ඉගෙන ගන්න.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    රටක් දියුණුවෙන් දියුණුවට පත්වීමට නම් රටේ දේශපාලඥයන් මෙන්ම ඉහළ පෙළේ රාජය්‍ය නිලධාරින් එහි නීති පද්ධතිය මනාව දැනගෙන සිටිය යුතුය.ඉහළම නිලධාරින් යනු අවුරුදු 55ක් හෝ 60ක් දක්වා මහජනතාවට සේවය සපයන උදවියයි. දේශපාලන අධිකාරිය යනු රට දියුණු කිරීම සදහා අණපනත් සකසා රාජය්‍ය නිලධාරින්ට ලබා දෙන උදවියයි. දේශපාලන අධිකාරිය සකසා දෙන නීති පද්ධතියට අනුව කටයුතු කිරීම රාජය්‍ය නිලධාරින්ගේ ප්‍රමුඛතම වගකීම වේ. ඉන් පසු පුරවැසියාද එම නීතිවලට අනුව ජීවත් විය යුතුය. පුරවැසියා නිසි මග රැගෙන යාමේ සම්පූර්ණ වගකීම ඇත්තේ රාජය්‍ය සේවයේ ඉහළින්ම සිටින බලධාරින්ටය.

    රටක අනාගතය යහපත් කිරීමට නම් එය එසේ විය යුතු නමුත් ආරක්ෂක හමුදා ප්‍රධානියෙක් එම නීති පද්ධතියටම පයින් ගසා නොදියුණු ගෝත්‍රික හමුදා නායකයන් ලෙස කටයුතු කරන්නේ නම් එවන් හමුදා නායකයන් එම තනතුරුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව රට තුළ පවතින නීතිවලට අනුව දඩුවම් ලබා දීමටද රජය සහ ඉහළ බලධාරින් කටයුතු කළ යුතුමය. වර්තමාන ගුවන් හමුදාපතිවරයා එවැනි නීතියට ගරහන නීතියට පිටින් වැඩ කරන හමුදාපතිවරයෙකු බව අප දිගින් දිගටම පෙන්වා දෙන ලදි.

    ඒ අතර සමස්ත ගුවන් හමුදා සාමාජිකයන්ටත් විශ්‍රාමික හමුදා සාමාජිකයන්ටත් ඔවුන් සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ටත් වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම සියලුම දේශපාලන නායකයන් එපා කරවන පළමු ප්‍රසිද්ධම කටයුතු අප වාර්තා කළේ 2022 අගෝස්තු මාසයේ 4 වැනිදාය. ඊට පෙරද අප ඔහුට විරුද්ධව වාර්තා ගණනාවක් ඉදිරිපත් කළ අතර ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේය. අප එහිදී දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ගුවන් හමුදාපතිවරයා හා සම්බන්ධව අප පළ කර තිබෙන වාර්තාවන් ගුවන් හමුදාපති විසින් ප්‍රතික්ෂේප කර නැත . එසේම ඒ පිළිබඳව කිසිදු පිළිතුරක්ද අප වෙත ලබා දී නැත. ඉන් කියවෙන්නේ එම පුවත් ඔවුන් පිළිගෙන තිබෙන බවයි. ඔහුගේ වැරදි මෙන්ම ගුවන් හමුදාවේ සිට නීති විරෝධී වැඩ කරන නිලධාරින් සහ භටයන්ගේ වැරදි අප පෙන්වා දී තිබුණත් ගුවන් හමුදාපති ඔවුන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයක්ද අපට වාර්තා වන්නේ නැත. එසේම ගුවන් හමුදාපතිවරයාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ පළවෙනි කටයුත්ත සිදු කළ යුත්තේ ආරක්ෂක ලේකම්වරයා විසිනි. අප විසින් දිගින් දිගටම කරුණු පෙන්වා දෙමින් සිටියදී , විශ්‍රාම ගොස් තම නිදහස පුරවැසියන් ලෙස භුක්ති විදිමින් සිටියදී, අරගලයට සහය දැක්වූ ගුවන් හමුදා භටයින්ගේ නම් සදහන් විශාල නම් ලැයිස්තුවක් සැකසුණේ ඔවුන්ට ගුවන් හමුදාව තහනම් කිරීමටය. නමුත් ලැයිස්තුවේ ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරින් හා භටයන් දහස් ගණනක් සිටි බැවින් එය ඉවත් කිරීමට ගුවන් හමුදාපතිවරයාට සිදු විය. ඒ අතර එයා වයිෂ් මාෂල් තුයිය කොන්තා ඇතුළු කිහිප දෙනෙකුට ගුවන් හමුදාපති, ගුවන් හමුදාව තහනම් කළේය. ඉන් සිදු වූයේ ජනාධිපතිවරයා අමාරුවෙන් ගොඩනගා ගෙන යන රටේ පුරවැසියන්ගෙන් තවත් දෝස් මුරයක් ජනාධිපතිවරයා වෙත එල්ල වීමයි . එය එසේ වන බවට අප වර්තමාන ජනාධිපති වූ සමයේ නොහොත් 2022 අගෝස්තු මස 04 වන දින, එය එසේම සිදුවන බවට අප වාර්තා කර තිබේ.

    හමුදා නායකයින් වැරදි කරන විට එහි නරක නාමය ලැබෙන්නේ සමස්ත හමුදා සේවයටමය. ජාත්‍යන්තර වශයෙන් ගත් කළ එය බලපාන්නේ රටටය. නමුත් විය යුත්තේ ඔවුන් කරනා වැරදි වලට පුද්ගලිකව ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු වීමයි. වර්තමාන පරපුර ඉල්ලන්නේද එයමය.ඕනෑම පුද්ගලයකු විශ්‍රාම ගිය විට ඔහු හෝ ඇය සිවිල් පුරවැසියෙකි. ඉන් පසු ඔවුන් හමුදා නීතියට යටත් නොවන සිවිල් පුරවැසියන්ය. සිවිල් පුරවැසියන් පාලනය කිරීමට හෝ දඩුවම් ලබා දීමට හමුදාපතිවරුන්ට හෝ හමුදා නිලධාරින්ට බලයක් හෝ අයිතියක් නැත. ගුවන් හමුදාපතිවරයා ප්‍රථමව එය ඉගෙන ගත යුතුය.

    ශ්‍රී ලංකාවේ බොහෝ රාජය්‍ය නිලධාරින්ට නීතිය පිළිබඳව යම් වැටහීමක් තිබේ. වර්තමානයේ අපට දක්නට නැතත් 2002 , 2003 වර්ෂවලදී රාජය්‍ය සේවකයන් සදහා පැවැත්වූ විභාගයේදී අපරාධ නීති සංග්‍රහයේ සහ සාක්ෂි නීතිය මැයෙන් වූ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 12න් 10කට පිළිතුරු අපේක්ෂා කෙරිණි .නමුත් හමුදා නිලධාරින්ට රාජය්‍ය පරිපාලන නීතිය පිළිබඳව කිසිදු දැනුමක් නැති බව වර්තමානයේද අපට පෙනෙන්නට තිබේ. රාජය්‍ය නිලධාරින්ද නීතිය දැනගෙනත් සිදු කරනුයේ නීති විරෝධී කටයුතු බවද අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. හමුදා නායකයන්ගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ හමුදා නීතියට පමණක් තමන් යටත් බවත් එම නීතිය තුළින් තමන්ට බලය අතික්‍රමණය කළ හැකි බවත්ය .නමුත් නීතිය යනු සමාජ පැවැත්ම පාලනය කරන සමාජ ප්‍රගමනයට අත්‍යවශයම කොටසක් බවත් එයට අනුව පමණක් කටයුතු කළ යුතු බවත් බොහෝ හමුදා නායකයන් සේම වර්තමාන ගුවන් හමුදාපතිවරයාද නොදන්නා බව සහ නූගත් බව පැහැදිලි වන්නේද මේ ලිපිය ලියන අද දින පමණක් ඔහුට එරෙහිව පැමිණිලි 4ක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබීමෙනි.

    නීතිය නොදන්නා අසරණ ගුවන් භටයන් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබේ. තවත් සමහරු සේවය අත්හැර ගොස් තිබේ. ගුවන් හමුදාව වැනි ආයතනයක එසේ විය නොහැක. අනෙක් ආයතන දෙකට සාපේක්ෂව ගුවන් හමුදාව නැමැති ආයතනයේ සිටින්නේ ඉහළ අධ්‍යාපනයක් ඇති පුද්ගලයන් ය. එම ආයතනයේ ප්‍රධානියා ලෙස ගුවන් හමුදාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ,අපරාධ නීතිය ,සාක්ෂි නීතිය ,යුක්තිය පසිදලීමේ නීතිය, ලංකා දණ්ඩ නීති සංග්‍රහය ,ආයතන සංග්‍රහය ,මුදල් රෙගුලාසි ,විශ්‍රාම වැටුප් ඇතුළු රාජය්‍ය පරිපාලන නීති සමුදාය පිළිබඳව දැනුමක් නැතිනම් ඔවුන් වැනි අය නිසා එම වැදගත් තනතුර සහ ආයතනය බාල්දු වීම වැළැක්විය නොහැක.එසේම අප එහිදී සදහන් කළ සියලුම නීතීන්ට ගරු කරමින් එම නීතීන්ට අනුගත වෙමින් ගුවන් හමුදා පනතට අනුව කටයුතු කළ යුතු බව ගුවන් හමුදාපතිවරයා නොදන්නා බව සහ නූගත් බව අප දිගින් දිගටම වාර්තා කර තිබෙන්නේ සාක්ෂි සහිතවමය. අප මෙතෙක් ඉදිරිපත් කර තිබෙන ලිපිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ගුවන් හමුදාපතිවරයා විසින් තම යටත් සේවකයින්ටත් විශ්‍රාමික සිවිල් පුරවැසියන්ටත් නීතිවිරොදී ලෙස බලය අභිබවා යමින් කටයුතු කර තිබේ.

    ඊට අමතරව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,11,12,13,14 වැනි වගන්ති උල්ලංඝණය කරමින් ගුවන් හමුදා නිලධාරින්ට, භටයන්ට මෙන්ම සිවිල් පුරවැසියන්ටද වර්තමාන ගුවන් හමුදාපතිවරයා විවිධාකාරයෙන් පීඩාවන්ට ලක් කර තිබේ.ඊට අමතරව 27 සහ 28 වන වගන්තීන්ද ඇතුළු තවත් වගන්ති ගණනාවක්ම වර්තමාන ගුවන් හමුදාපතිවරයා විසින් උල්ලංඝනය කර තිබෙන බව අප දිගින් දිගටම විවිධ විවිධ කොටස් පෙන්වා දෙම්න් වාර්තා කර තිබේ.

    ඊට අමතරව ආයතන සංග්‍රහයේ 31.1.1 ,31.1.2 , 31. 1.7 , 31.1.8 , 31.1.10 ,31.1.13 ඇතුළුව රාජය්‍ය නිලධාරින්ගේ වැරදි සම්බන්ධව පළමුවන උපලේඛනයේ සදහන් වැරදි ගණනාවක්ම වර්තමාන ගුවන් හමුදාපතිවරයා විසින් සිදුකර තිබේ.

    ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100 , 101 , 108 , 112 , 113 ආ , 114 , 115 , 117 , 120 ,128 , 129 , 132 ,150 , 208 , 300, 331, 341 , 344 , 483 , 484 සහ 485 ආදී වගන්ති ගණනාවකින්ද වැරදි කර තිබෙන අතර ගුවන් හමුදා පනත යටතේද වැරදි ගණනාවක් සිදු කර තිබේ.එසේ තිබෙන බව ලිවීම පමණක් නොව ඒ සදහා සාක්ෂි සහිතවම අප දිගින් දිගටම වාර්තා ඉදිරිපත් කර තිබේ.

    එසේනම් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැන් කළ යුත්තේ ගුවන් හමුදාපතිවරයාට එරෙහිව විමර්ශණයක් ආරම්භ කර හැකි ඉක්මනින් ඔහුට අපරාධ අධිකරණයක් තුළ නඩු පැවරීම හෝ යුද්ධාධිකරණයට කැදවා නඩු විභාග කිරීමයි. එය එසේ සිදු කිරීමට නිසි බලධාරියා වන්නේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාය. රට නැවත ගොඩනැගීමට නම් තරාතිරමට අනුව නීතියෙන් පැන යාමට ඉඩ නොතබා සැමට සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.ඒ අනුව අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගැනීමට නම් වර්තමාන ගුවන් හමුදාපතිවරයාට එරෙහිව විමර්ශණ පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

    එසේ නීතිය ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය ආරක්ෂා වේ. නීතිය සැලකිය යුත්තේ සමාජයේ අත්‍යවශය අංගයක් ලෙසය.සදාචාර සම්පන්න කිසිම රාජ්‍යයකට නීතියකින් තොරව පැවතිය නොහැක. නවීන ශබ්දකෝෂ තුළ (low) වචනය නිර්වචනය කර තිබෙන්නේ “ජීවිතයට අදාළ කටයුතු නිවැරදිව ගෙන යාම සදහා හෝ සමාජය නියමිත ආකාරයට පාලනය කිරීම සදහා සෑදී ඇති රීතීන් ” වශයෙනි. ඒ අනුව නීතියේ සියලුම නිර්වචනයන් ගනිමින් අදහස් කළ හැක්කේ වර්තමානයේ නීතිය යන යෙදුම මගින් හැදින්වෙන්නේ යුක්ති සහගත ,හැසිරීම ,සාමකාමි ජීවනය සහ සමාජ ආරක්ෂාව සලස්වා ගැනීම සදහා සමාජය තුළ වෙනත් අධිකාරියක් ( පාර්ලිමේන්තුව වැනි) මගින් බලාත්මක කෙරෙන හෝ සමාජයේ සාමාජිකයින් විසින් ස්වකීය කැමැත්තෙන්ම බලාත්මක කරගනු ලබන රීති සහ මූලධර්ම බවයි.

    එසේනම් හමුදාපතිවරු හෝ පොලිස්පතිවරු පමණක් නොව ජනාධිපතිවරයාට වුවද නීතියේ පිහිට සහ දඩුවම් ලැබීම නඩු පැවරීම ආදීය සමානව පැවතිය යුතුය. නීතිය නොදන්නා ගුවන් හමුදාපතිවරයා කළ යුත්තේ මෙම ලිපිය මෙන්ම අපගේ පැරණි ලිපිද කියවා අපි සදහන් කළ නීතීන් කියවා චෝදනා පත්‍රය තමාම සකසා ගැනීමයි.එසේම බලධාරීන් හෝ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. ගිනි අවි පුහුනුව ලැබු සෙනීන්, විශාල ප්‍රමානයක් ගුවන් හමුදාවෙන් පිටමන් කිරීමෙන් ඔවුන් වෛර කරන්නේ ගුවන් හමුදාවටමය. එසේම ඔවුන් අනාගතයෙදී වැඩ කරන්නේද මේ ආයතනයට විරුද්දවය. රාජ්‍ය රහස් විශාල වශයෙන් තිබෙන ඔවුන් වෛරී පුද්ගලයන් වීමෙන් ජාතික ආරක්ශාවට සිදුවන දැවැන්ත හානියට වගකිව යුත්තේ ඔවුන් නොවේ. ගුවන් හමුදාදිපතිවරයාය.

    අප මීට පෙර පලකළ වාර්තාවක්.

    ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.

    ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.
    https://www.ravanalankanews.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%91%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80/

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version