English
සිංහල
01:41 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාපති අධිකරණයට අපහාස කරයි. ඒ අතරේ පෞද්ගලික පරිහරණයට ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් ගෙන්වලා.  

    Ravana by Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ පීඩිත පන්තිය මෙන්ම පීඩිත නොවන පන්තීන්ද මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිති. මේ අර්බුධයට හේතුව දේශපාලන අධිකාරියට පමණක් ඇගිල්ල දික් කලද, ඒ සදහා සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියට අයත් මාණ්ඩලික ශ්‍රේණියට අයත් නිලදරීන්ගෙන් 80% පමණ වේ. ඔවුන්ගේ ඉවක් බවක් නැති මුදල් නාස්තිය සහ වංචා දූෂණ කලා හැකි ලෙස අණ පනත් සැකසීම මෙයට ප්‍රධානතම හේතුව වේ.

    ඒ අතරේ අප මීට පෙරද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සදහා සකසා තිබෙන නිවාස ව්‍යාපෘතියක් තුලින් වංචා සහ දූෂණ සිදුව තිබෙන බවට සදහන් කරමින් අපරාධ පරීක්ෂන දෙපර්තමෙන්තුවට වර්තමාන ගුවන් හමුදාධිපති විසින් යොමු කිරීමක් පිළිබදවද,  හිටපු ගුවන් හමුදාධිපති සුමංගල ඩයස්ගේ වංචා සහ දූෂණ පිළිබදවද, රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක්ද අනාවරණය කල අතර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය ද  ඒ පිලිබඳව පොලිස්පති වෙත පැමිණිලි කලද මේ වන තෙක්ම පොලිස්පති විසින් එම පැමිණිල්ල විභාගයට ගෙන නැති බවද එම සංවිධානය අප කල විමසුමකදී   සදහන් කරන ලදී.

    ඒ අතර තමන් සුපිරිසිදු බව පෙන්වන්නට හදන බොහෝ රාජ්‍ය නිලධාරීන් සේම ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාගේ පුද්ගලික පරිහරණය සදහා ජීප් රථයක් ආනයනය කර තිබෙන බව  බව දැක්වෙන ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ බව තවත් පුවත් ආයතන කිහිපයක් වාර්තා කර තිබේ. කෙසේ වුවත් මෙය ඊ ලඟ ගුවන් හමුදාධිපති වීමට බලා සිටින පුද්ගලයෙකුගේ මඩ ප්‍රහාරයක්ද විය හැකිය. එහි බොහෝ උසස් නිලධාරීන් එසේය. එය එසේම විය හැකි ලෙස අප උපකල්පනය කරන නමුත් ගුවන් හමුදාවේ උසස් පරිපාලනයේ සියලුම දෙනා සුද්ධවන්තයන් නොවේ. මේ අවුරුද්ද තුල පමණක් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදා භටයන් ගුවන් හමුදාවෙන් ඉවත් කර ඇත. ඒ අතර සුදර්ශන පතිරණ මහතා අධිකරණයට සිදුකර තිබෙන අපහාසයක් පිලිබදව තොරතුරුද ලැබී තිබෙන අතාර ඒ පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුවක් ගොනු කිරීමට ද කටයුතු සිදුවෙමින් පවතී. එම නඩුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කිරීමෙන් අනතුරුව අදාළ තොරතුරු අප වාර්තා කරනු ඇත.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මාධ්‍ය වෙත කියා සිටියේ ගුවන් හමුදාව සඳහා ගෙන්වන සියලුම වාහන සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව ගුවන් හමුදාපතිවරයාගේ නමින් ආනයනය කරන බවත් අනුමත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් වාහනය ආනයනය කළ නිසා මෙය නීති විරෝධී දෙයක් නොවන බවද ඔහු පවසා තිබේ.

    මධ්‍යම අප්‍රිකාව තුළ ලංකාව දායක වූ  සාම සාධක කටයුතු සඳහා භාවිත කළ රථයක් වන මේ රථය ආනයනය කිරීම  සම්බන්ධයෙන්  ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ මධ්‍යම අප්‍රිකාවේ අදාළ නිලධාරීන් විසින් වාහනය තක්සේරු කළ පසු එම වාහනය සඳහා ගෙවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන බවයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා උපකරණ ලබා ගැනීමෙන් ඉතා අවශ්‍ය විදේශ විනිමය ගෙන එන බවයි’ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

    කෙසේ වුවද මීට පෙරද ගුවන් හමුදා මධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ  ශ්‍රී ලංකාවට සාම සාධක හමුදා මගින් ඩොලර් ලැබීමට නියමිත බව සදහන් කරමින් එක්තරා කාරණයක් පිළිබදවද මීට බොහෝ කාලයකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කල අතර දකුණු සූඩානය වෙත යවමින් තිබු ශ්‍රී ලංකා සාම සාධක හමුදා යැවීම අවසන් වරට සිදුව තිබෙන්නේ 2020 දී වන අතර 2021 න් පසු එම රට වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සාම සාධක හමුදා ලබාගෙන නැත. තමන් එසේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර නොබෝ දිනකින්ම සාම සාධක හමුදා ඉවත් කිරීමෙන් රටට සිදු වූ පාඩුව පිලිබදවද වාර්තාවක් අප සතුව තිබේ.

    කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ හමුදා පිළිබවද එක්ෂත් ජාතීන්ගේ සංවිධානය සිය වාර්තාවේ දැඩි ලෙස විවේචනය කර තිබෙන අතර එයින් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් වෙනත් රටකදී ජීවත් විය යුත්තේ කෙසේද යන්න නිසි ලෙස පුහුණු කිරීම් කටයුතු කර නොමැති බවයි. එම වාර්තාවේ එක් කොටසකට අනුව

    “ This challenges the credibility of U.N. Peacekeeping if it continues to allow the deployment of Sri Lankan peacekeepers. Sri Lanka has failed to implement its commitments under Human Rights Council Resolution 30/1, which recommended that Sri Lanka vet and screen public and security officials to ensure accountability. The Bachelet report also noted that the domestic body charged with vetting Sri Lanka’s peacekeepers now lacks credibility and independence”.

    “ ශ්‍රී ලංකා සාම සාධක භටයන් යෙදවීමට දිගින් දිගටම ඉඩ දෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ විශ්වසනීයත්වයට මෙය අභියෝග කරයි. වගවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව මහජන සහ ආරක්‍ෂක නිලධාරීන් පරීක්‍ෂා කර පරීක්‍ෂා කළ යුතු බවට නිර්දේශ කළ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව යටතේ සිය කැපවීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත. ශ්‍රී ලංකාවේ සාමසාධක භටයන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේශීය ආයතනයට දැන් විශ්වසනීයත්වයක් සහ ස්වාධීනත්වයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් සිය වාර්තාව තුල සඳහන් කර තිබේ.”

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩොලර් ගැන කතා කලද මෙහි සැබෑ තත්වය නම් සාම සාධක හමුදාවන් තව කොපමන කාලයක් යැවීමට සිදුවේද යන්නයි. කෙසේ වුවත් අනාගත දැක්මක් නැති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමහර උසස් පරිපාලකයන් ට ගුවන් හමුදාව යනු තමන්ගේ තත්වය පමණක් සුරකෂා කර ගැනීමට අවැසි ස්ථානයක් පමණි.

    කෙසේ වෙතත් රටේ ඩොලර් සංචිත ආරක්ෂා කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 9 වනදා මෙරට රජය විසින් භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමා කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එවැනි වාතාවරණයක් තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද වාහන ඕනා තරම් තිබියදී මේස වාහන ගෙන්විය නොහැක. ගුවන් හමුදාව යනු ලැබ නොලබන ආයතනයක් වන අතර ගුවන් හමුදාවේ කටුනායක කදවුර තුල වාහන සංචිත තිබෙන අතර අවශ්‍ය තරමටත් වැඩ වාහන ගුවන් හමුදාව සතුව තිබේ.

    බොහෝ වාර්තාවල සදහන් අකාරයෙන් ශ්‍රී ලංකා රජය සතුටු කිරීමේ අරමුනින් ගුවන් හමුදාපතිට මෙම වාහනය ගෙන්වුයේ යයි අප සදහන් නොකරන අතර ගුවන් හමුදාවේ පරිපාලනය යනු ආණ්ඩුක්‍රම නීතියට හෝ ගුවන් හමුදා පනතට අනුව වත් පාලනය නොකරන ආයතනයක් බැවින් මේ කටයුත්ත හිතා මතාම සිදු කරන ලද කටයුත්තක් ලෙස අප දකින අතර එහි පරිපාලනයේ උසස් නිලධාරීන් බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයන් වන අතර තවත් බොහෝ උසස් නිලධාරීන් ටෙන්ඩර් වලින් වංචා දූෂණ සිදු කරන අතර ඉදි කට්ටේ සිට ගුවන් යානය දක්වාම වංචා සහ දූෂණයෙන් පිරුණු ආයතනයකි. 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර්ගෝපදේශය අමු අමුවේම උල්ලංඝනය කරන ප්‍රධානතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එබැවින් ජනාධිපති සහ රජය යම් නීතියක් පනවා තිබෙන්නේ නම්  එම නීතියට අනුව කටයුතු කල යුත්තේ අදාළ බලදාරීන් විනා රජය නොවන බව ඔවුන් හොදින්ම දනී. ඒ අනුව මේ ලියවිල්ල සකසා උසස් ටෙන්ඩර් මණ්ඩල වලට යවන්නේ ගුවන් හමුදා ප්‍රසම්පාධන මණ්ඩලයේ ලේඛම් ලෙස සැපයුම් පිලිබඳව මනාව දත් ප්‍රධාන මිලදී ගැනීම් නිලදාරී වන අතර එහි සභාපති වන්නේ ගුවන් හමුදාධිපතිය. මෙසේ සියල්ල තහනම් කර තිබෙන අවස්තාවක එසේ කිරීම වැරදි බව ගුවන් හමුදාපතිට උපදේශ දිය යුත්තේ ප්‍රධාන මිල දී ගැනීම් නිලධාරි සහ නීති අධ්‍යක්ෂකයි. එසේ නොවුයේ න් මෙය සිදු කර තිබෙන්නේ ගුවන් හමුදාපති විසින් හිතුවක්කාරී ලස විය හැකිය.

    උසස්වීම්, විවිධ පරීක්ෂන, ස්ථානමාරු ඇතුළුව ගුවන් හමුදා පරිපාලනයේ වංචා දූෂණ මෙන්ම නීති කඩ කිරීම් සමූහයක් සිදු වේ. මෙය පවතින හෝ පැවතී රජයන් වල වරදක් නොවේ. 2007 න් පසු ගුවන් හමුදාව තුල සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්තා විරෝදී සහ වෙනත් නීතිවිරෝදී කටයුතුවල ප්‍රතිපලයයි. වර්තමාන තත්වයට වග කිව යුත්තේ එකල සකසා තිබෙන ගුවන් හමුදාවේ අභ්‍යන්තර නීති රෙගුලාසි වේ. එම රේගුලාසි විශාල ප්‍රමාණයක් සැකසී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනිවයි. ඒවාට එකල සිටි හමුදාපතිවරු වග කිව යුතුය. ( ඒවා පිලිබදවද වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තුවන්න)  මහජන මුදල් සමග සෙල්ලම් කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමහර උසස් නිලධාරීන්ට රටේ පවතින නීතියක් අවශ්‍ය නැති බව එහි සිදුවන , අපට ලැබෙන තොරතුරු වලින් මනාව පැහැදිලි වන අතර ඔවුන්ගේ එම ක්‍රියාවලින් සිදුවන්නේ ඉතාම වටිනා, හමුදාවක් දූෂණය වීම පමණක් වන අතර ගුවන් හමුදාව යථාර්තවාදී ලෙස වෙනස් නොවූනහොත් ඔවුන්ට ගුවන් නොව ගොඩබිමවත් සුරැකීමට නොහැකි වනු ඇත.

    කරුණු කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ආදරය කරන මානව හිතවාදී උසස් ගුවන් හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාව තුල සිටින බවාද ඔවුන් විවිධ පීඩනවලට සහ අසාදාරනයන්ට ලක්ව තිබෙන බවද සදහන් කරමු.

    ගුවන් හමුදාව හා සබැදි වෙනත් පුවත්

    https://www.ravanalankanews.lk/6349/11/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/41/22/

    https://www.ravanalankanews.lk/2335/08/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84/03/16/
    https://www.ravanalankanews.lk/8426/01/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b7%9a/35/16/
    https://www.ravanalankanews.lk/4781/10/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a/37/15/
    https://www.ravanalankanews.lk/9839/02/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0/57/15/
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version