English
සිංහල
15:15 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාවේ ගුවන් යානය කඩා වැටී තිබෙන්නේ ගුවන් නියමුවාගේ නොසැලකිල්ලෙන්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    * ගුවන්ගත වීමට පෙර කළ පරීක්ෂණය.

    * ගුවන්ගත වී ඇති එක් අයෙක් ගුවන් නියමුවන් නොවේ. එවැනි අයෙක් ගුවන් යානයට ගොඩවිම නීතිවිරෝදී වේ.

    * ගුවන් ගත වීමට පෙර ජංගම දුරකථන දී වීඩියෝ කරන්න කියලා  .

    * ගුවන් ගත වුණාට පසු රෝද වැඩක් නෑ.

    * ගුවන්  යානයේ මූණ කෙළින්ම බිම ඇනිලා .

    * මීට පෙර සිදුව ඇති අනතුර සිදුව ඇත්තේ ද නියමුවාගේ වරදින්.

    * ගුවන් නියමුවා මීට පෙරත් ගුවන් යානයක් අනතුරට ලක් කරලා.

    නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති වී පොහොය දෙකක් ගත වීමටත් ප්‍රථමව ගුවන් යානයක් කඩා වැටුණි. එම ගුවන් යානය කඩා වැටීමට හේතුව වී ඇත්තේ ගුවන් හමුදාවේ සිටින සමහර වගකීම් විරහිත නිලධාරීන්ගේ හිතුවක්කාරකමේ ප්‍රතිඵලයක් ලෙස බව අප කරන ලද ගවේශනයකදී  අපට අනාවරණය විය.  ඒ පසුගියදා චීන වරාය ගුවන් පථයට කඩා වැටුණු ගුවන් යානය කඩා වැටීමට හේතුව වී ඇත්තේ ගුවන් නියමුවාගේ නොසැලකිල්ල , වගකීම්විරහිතභාවය නිසා බවට අප කරන  ලද ගවේශනයකදී ලැබුණු තොරතුරුවලට අනුවයි. අප මේ පිළිබඳව පසුගියදා ද ලිපියක් ඉදිරිපත් කළ අතර ගුවන් යානයක් කඩා වැටීමට බලපාන හේතු මොනවාද යන්න අප එම ලිපියෙන් ඉදිරිපත් කර තිබේ. අප මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මෙම PT 6 දරණ ගුවන් යානය කඩා වැටීමට හේතු වූයේ කුමක්ද? යන්න පිළිබඳව ගවේශනාත්මකව ලබා ගත් තොරතුරු පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. නව ගුවන් හමුදාධිපතිවරයෙක් පත් වූ විට ඔහුගේ ආරක්ෂාවටද, ඔහුගේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය සහාය ලබා දීම ද් ගුවන් හමුදාවේ සියලුම දෙනාගේ වගකීම වේ. එම වගකීමට පයින් ගසන්නේ නම් ඉන් ගම්‍ය වන්නේ ඔවුන් විනාශ කරනුයේ මහජන මුදල් බවයි.

    පසුගියදා මෙසේ කඩා වැටුණු ගුවන් යානය සමඟ තවත් ගුවන් යානා 6 ක් මෙරටට ගෙනවිත් ඇත්තේ චීනයේ නවතම නිෂ්පාදන ලෙසයි. එහිදී අංග සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ ගුවන් යානා පිළිබඳව විශේෂඥයන් විසිනි.

     පසුගියදා කඩා වැටුණු ගුවන් යානය පිළිබඳව අප සිදු කරන ලද ගවේශනයේදී එය කඩා වැටීමට හේතුව වී ඇත්තේ තාක්ෂණික දෝෂයක් නොවන බවට පහත තොරතුරු ඔස්සේ අනාවරණය කර ගැනීමට හැකි විය.

     * ගුවන්ගත වීමට පෙර කළ පරීක්ෂණය.

    ගුවන් යානයක් ගුවන් ගත වීමට ප්‍රථම විවිධ තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කරයි. මෙම යානයේ ද රෝදවල යම් දෝෂයක් තිබී ඇත. එවැනි අවස්ථාවලදී ගුවන් යානා පරීක්ෂා කරන ආකාරය වන කණු ගසා උස්සා එය පරීක්ෂා වට ලක්කර තිබෙන අතර ( Under Carrage ) එම දෝෂය නිවැරදිද යන්න පරීක්ෂා කිරීම සදහා මෙම යානය ගුවන් ගතකර තිබේ .  බැටරි ගසා  යානය කණු මත ක්‍රියාත්මක කිරීමේදී ( Under Carrage ) යානය හොඳ තත්ත්වයේ තිබේ නම් කොළපාට විදුලි බුබුළු තුනක් දැල්විය යුතුය. එදින එම අවස්ථාවේ දී එම විදුලි බුබුළු තුන කොළ පාටින් දැල්වී තිබේ. එය එසේම වූ බවට ගුවන් යානයේ නියමුවා තමා හඳුනා ගැනීමේ කේතය හරහා ගුවන් යානා පාලක මැදිරියට දැනුම් දී තිබේ. ( උදා : ” මගේ ගුවන් යානයේ කොළ පාට බල්බ් පත්තු වෙනවා ” ලෙස ප්‍රකාශ කරයි. – EG : ” On finals three greens ” ) ඉන් කියැවෙන්නේ ගුවන් යානය ගුවන් ගත වන මොහොතේ කිසිදු කාර්මික දෝෂයක් තිබී නැති බවයි. ඒ අනුව අපට ලැබුණු වැදගත්ම නිරීක්ෂණය නම් මෙම ගුවන් යානය ඉතා හොඳ තත්ත්වයේ තිබියදී ගුවන්ගත කර තිබෙන බවයි. එසේම ගුවන් ගත කර තිබෙන්නේ රෝදවැල් තිබු දෝෂය පරික්ෂා කිරීමටය.

    * ගුවන්ගත වී ඇති එක් අයෙක් ගුවන් නියමුවෙක් නොවේ.

    එහිදී අපට ලැබෙන සහ වැදගත්ම තොරතුර වන්නේ මෙහි ගමන් කළ එක් නිලධාරියෙක් ගුවන් නියමුවෙකු නොවන බවයි. ඔහු පුහුණුව ලබන ගුවන් නියමුවෙක්වත් නොවන අතර ගුවන් යානා ඉංජිනේරුවරයෙකි. ගුවන් යානා ඉංජිනේරුවරයෙකුට ගුවන් නියමුවෙකුගේ කාර්‍ය භාර්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය මූලික පුහුණුවක්වත් නොලැබෙයි. එවන් අයෙක් නියමුවෙකු ලෙස පියාසර කුටියට නැගීමට ද  නීතිමය වශයෙන් හැකියාවක් නොලැබෙයි. ගුවන් යානය බිම තිබෙන විට එය පරීක්ෂා කිරීමට ඔවුන්ට එයට නැගිය හැකි වුවත් කිසිදු ආකාරයකින් පියාසර කිරීම සඳහා ගුවන් යානයට නැග ගුවන් යානයක් පැදවීම සඳහා ඔවුන්ට අවශ්‍ය කිසිදු ආකාරයක පුහුණුවක් බලයක් හෝ එවැනි හැකියාවක් නැත. ඒ අනුව මෙම පුරුදු පුහුණුවක් නැති නිලධාරියෙකු ගුවන් යානයට නංවාගෙන ගුවන් ගත කිරීම ගුවන් නියමුවා විසින් කර තිබෙන බරපතළ වරදකි. අපට ලැබුණු තොරතුරු නිවැරදි නම් එම ගුවන් නියමුවාත් බරපතළ මොළය නැති වැඩක් කර  තිබේ . එනම් ගුවන් යානය තමන්ගේ පෞද්ගලික සෙල්ලම් භාණ්ඩයක් යැයි සිතා භාවිතා කර තිබීමයි. ගුවන් නියමුවාට ඉතා හොඳින් පාලනය කළ හැකි මනසක් මෙන්ම රාජ්‍ය සම්පත් මෙන්ම ජීවිතය පිළිබඳව දැඩි වගකීමක් තිබිය යුතුය. මෙහිදී මෙම  ගුවන් නියමුවා නියමුවෙක් නොවන නිලධාරියෙක් යානයේ අනෙක් නියමු කුටිය වෙත රැගෙන ගුවන් ගතකර තිබේ. එයම බරපතළ වරදකි.

    *  ගුවන් ගත වීමට පෙර ජංගම දුරකථන දී වීඩියෝ කරන්න කියලා  .

    මෙම යානයට ගොඩ වී තිබෙන නියමුවෙක් නොවන නිලධාරියා තම ජංගම දුරකථන ආදිය අසළ සිටි ගුවන් හමුදා සේවකයන්ට ලබා දී , ” අපි උඩ ගිහින් දාන සෙල්ලම් ටික වීඩියෝ කරන්න. ” ලෙස පවසා තිබේ. ඒ අනුව මෙම ගුවන් නියමුවා ගුවන් යානය ගුවන් ගත කර තිබෙන්නේ මහජන මුදල්වලට අභියෝග කරමිනි. මෙම ගුවන් ගමන කිසිම ආකාරයක මහජන අවශ්‍යතාවයක් ඉටු කිරීම උදෙසා භාවිතා කර නැත. ඔවුන් ගුවන් ගතව තිබෙන්නේ බලා සිටින අයට වැඩ පෙන්වීම උදෙසාමය.  නමුත් ගුවන් ගත කර තිබෙන්නේ තිබු යානයේ රෝද පරික්ෂා කිරීම සදහාය

    • ගුවන් නියමුවා උගත් තාක්ෂණයවත් භාවිතා  කර නැහැ.

    මෙහි සිටි පුහුණු ගුවන් නියමුවා ගුවන් යානා පාලන මැදිරියට පවසා තිබෙන්නේ පොළොව මට්ටමේ සිට අඩි 400 ක් ඇතුළත කරනම් ගසන බවයි. එසේත් නොමැති නම් පොළොව මට්ටමේ සිට අඩි 400 ක් තුළ විවිධාකාරයෙන් ගුවන් යානය හසුරුවන බවයි. නමුත් ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උපදේශකවරුන් පවසන්නේ මෙවැනි ගුවන් යානාවලින් අඩි 400 ක් ඇතුළත හැරවීම් කළ නොහැකි බවයි.  ඒ සඳහා අවමය අඩි දහසක්වත් අවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කරයි. එය කළ යුත්තේ අඩි දහසකදී බව ඔවුන් ප්‍රකාශ කරන අතර මෙම ගුවන් නියමුවා තම ජීවිතයත් , මහජන දේපළත් අවභාවිතා කරමින් තාක්ෂණික වශයෙන් කළ නොහැකි දෙයක් කිරීමට ගොස් තිබේ. එසේම තිබු දෝෂය පරික්ෂා කිරීම පසෙක දමා “ ගුවන් කරනම්” ගැසීම නොකළ යුත්තකි.

    * ගුවන් ගත වුණාට පසු රෝද වැඩක් නෑ.

    මෙම ගුවන් යානය ඉතාම හොඳින් ගුවන් ගතව තිබේ. ඒ ගුවන් පථය කෙළවරට රෝදවලින් ගමන් කරමිනි. ගුවන් ගත වීමෙන් පසු රෝදවල අවශ්‍යතාවයක් නැත. ඒ අනුව රෝදවල යම් දෝෂයක් තිබුණත් එය දෝෂ රහිත බවට සම්පූර්ණ ඉංජිනේරු පරීක්ෂාවකින් පසුව මෙම ගුවන් යානය ගුවන් ගත කර තිබේ . ගුවන් ගත වී ඔවුන් වැඩ දමන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. ගුවන් යානය පරික්ෂා කිරිම වෙනුවෙන් ගුවන් ගත කලේ නම්, ඔහුට ගුවනේ ගුවන් කරනම් ගැසිය නොහැකිය.

    * ගුවන්  යානයේ මූණ කෙළින්ම බිම ඇනිලා .

    අනතුරට පත් ගුවන් යානය ගුවනේදී පිපිරීමකට ලක්ව නැත. ඇසින් දුටුවන් පවසන්නේ එහි මූණ කෙළින්ම බිම ඇණුනු බවයි. යානය වේගයෙන්ම පැමිණ මුහුණ බිම ඇණුනේ නම් ඉන් කියැවෙන්නේ ඔවුන්ට යානය හැරවීමට නොහැකි වූ බවයි. යානය හැරවීමට නම් අවශ්‍ය ඉඩ තිබිය යුතුයි. ඉහතින් සඳහන් කළ ආකාරයටම ඉතා වේගයෙන් පැමිණෙන ගුවන් යානයකට අඩි 400 ක් ඇතුළත හැරවීමට හැකියාව තිබේද යන්න තවදුරටත් විමසිය යුතුය. අප සාමාන්‍ය ලෙස ගත් කළ විදුලි වේගයෙන් පැමිණෙන ගුවන් යානයක් අඩි 400 ක් ඇතුළත හැරවීමට හැකියාව තිබේද යන්න පිළිබඳව අපට දැනුමක් නැති වුවත් ගුවන් නියමු විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මෙවැනි ගුවන් යානාවක් හැරවීම සඳහා අවම වශයෙන් අඩි දහසක්වත් භාවිතා කළ යුතු බවයි.

    * මීට පෙර සිදුව ඇති අනතුර සිදුව ඇත්තේ ද නියමුවාගේ වරදින්.

    මෙලෙස චීනයෙන් ගෙන්වන ලද ගුවන් යානා 6න් තවත් එක් ගුවන් යානයක් මීට පෙර  කන්තලේ ප්‍රදේශයේ දී අනතුරට ලක් විය. පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ එම ගුවන් යානය ඉතාම පහළින් ගමන් කිරීමේදී වයර් එකක පැටලීම නිසා එම ගුවන් අනතුර සිදු වූ බවයි. ඒ අනුව PT 6 වර්ගයට අයත් මෙම ගුවන්  යානා 6 න් මීට පෙර අනතුරට ලක්ව තිබෙන ගුවන් යානය බිමට පතිත වී ඇත්තේ ද ගුවන් නියමුවා විසින් ඉතාම පහළින් ගමන් කිරීමේ දී ඔහු නොදුටු වයර් එකක් ගුවන් යානයේ පැටලීම නිසාය.

    * ගුවන් නියමුවා මීට පෙරත් ගුවන් යානයක් අනතුරට ලක් කරලා.

    පසුගියදා අනතුරට ලක් වූ ගුවන් යානයේ ගුවන් නියමුවා අතින් මීට පෙරද වටිනා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. ඒ මිග් – 27 වර්ගයේ ගුවන් යානයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ද සිදුව ඇත්තේ මෙම නියමුවාට එම ගුවන් යානය පාලනය කර ගැනීමට නොහැකිව තිබූ බවයි.

    ඒ අනුව වාර්තා වන සහ අප විසින් ලබා ගත් තොරතුරු වලට අනුව මෙම ගුවන් යානයයෙහි කිසිම කාර්මික දෝෂයක් තිබී නැත.එය ගුවන් නියමුවා විසින්ම තහවුරු  කර තිබේ . එසේම ගුවන් නියමුවෙකු නොවන පුද්ගලයෙකු අනෙක් නියමු කුටියේම නංවාගෙන ගොස් තිබෙන අතර ඔහුට මූලික ගුවන් නියමු පුහුණුවක්වත් නැති පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙකු ඒ ආකාරයෙන් ගුවන් යානයට නංවාගෙන යාම ද නීතිවිරෝධී වේ. ඒ සඳහා ගුවන් හමුදා මූලස්ථානයෙන් හෝ අවසර ලබා දී නැත. තවද අඩි දහසකදී පමණ ගුවනේදී  කළ යුතු හැරවීම් අඩි 400 කදී සිදු කිරීමට ගොස් තිබේ. එම ප්‍රමාණයේදී ගුවන් යානයක් හැරවීමට හැකි තාක්ෂණික උපදේශයක් ලබා දී නැත . එසේම මෙම ගුවන් යානය කිසිම මහජන පියවරක් ඉටු කිරීම වෙනුවෙන් ගුවන් ගත වී නොමැති අතර ඔවුන්ගේ පරමාර්ථය වී ඇත්තේ උඩු ගුවනේ වැඩ පෙන්වීම පමණක් බව වීඩියෝ කිරීම සඳහා  ලබා දී තිබෙන උපදෙස් වලින්ම අනාවරණය වේ. එසේම පරීක්ෂණයක් වෙනුවෙන් ගුවන් ගත කිරීමට තිබු ගුවන් යානයක් එම පරීක්ෂණය නොකර ගුවන් කරනම්වල යෙදීමද වරදකි.

    ඒ අනුව මෙම ගුවන් අනතුර කිසිම ආකාරයක කාර්මික හෝ තාක්ෂණික දෝෂයක් මත සිදුව නැති අතර එය සිදුව තිබෙන්නේ නියමුවාගේ වරද , නොසැලකිල්ල සහ වගකීම් විරහිතභාවිතය නිසා බව අපට ලැබී තිබෙන  තොරතුරු වලින් අනාවරණය කරයි. එය ගුවන් නියමු භාෂාවේදී හඳුන්වන්නේ පයිලට් එරර් ( Pilot error )යනුවෙනි. කෙසේ නමුත් කිසිදු ගුවන් නියමුවෙක් තම ජීවිතය අහිමි වේ යයි සිතමින් කිසිදු කටයුත්තක් නොකරයි. එහෙත් වගකීම් විරහිතභාවය නිසා සිදුවන මහජන දේපල විනාශ නොවිය යුතුය. එබැවින් සියලුම රාජ්‍ය නිලධාරීන් නිරන්තරයෙන්ම කටයුතු කල යුත්තේ මහජන මුදල් ආරක්ෂා කරමින්, තම උසස් නිලධාරීන්ගේ ගරුත්වයට හානියක් සිදුනොවන පරිදිය.

    ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් සිදු කර ගුවන් හමුදාපතිවරයා විසින්ම මාධ්‍යයට සත්‍ය ප්‍රකාශ කළ යුතුව තිබේ . එය එසේ නොවන තාක්කල් මෙම සිද්ධිය පිළිබඳව විවිධ වැරදි මතවාද සමාජයට එකතු වෙන අතර එය වර්තමාන ගුවන් හමුදාපතිවරයාට ද ගැටලු ඇති කරවන තත්ත්වයක් උදාවිය හැකිය. ඒ අනුව අපගේ නිර්දේශය නම් මේ පිළිබඳව මූලික විමර්ශනයක් පවත්වා හැකි ඉක්මනින් සියලු මාධ්‍ය ආයතන කැඳවා මෙම ගුවන් අනතුර සිදුව ඇති ආකාරය පිළිබඳව ප්‍රකාශයක් ගුවන් හමුදාපතිවරයා විසින් නිකුත් කළ යුතු බවයි . අප එසේ සඳහන් කරන්නේ දිනෙන් දින විවිධ ආකාරයෙන් විවිධ ප්‍රකාශ කිරීම නිසා එය ගුවන් හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ලබන අපකීර්තියකි. එය මහජනතාවගේ  ආයතනයක් බැවින් විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබා සිදුව ඇති සත්‍ය සිදුවීම මහජනතාවට ප්‍රකාශ කිරීම ගුවන් හමුදාපතිවරයාගේ වගකීම සහ යුතුකම වේ . එයින් මෙම ගුවන් යානා පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශ කිරීම නවතිනු ඇත.

    එසේම අපද ඔවුන් දෙදෙනාට නිර්වාන සුවය ප්‍රාර්ථනා කරමින්, අනෙක් පුද්ගලයන්ද වගකීම් විරහිතව තම රාජකාරිය සිදුනොකර, වගකීම් රහිත ලෙස තම රාජකාරිය ඉටුකිරීමට ඉතාම හොද පාඩමක් මෙම සිද්ධියෙන් ලබා ගත හැකිය .

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version