English
සිංහල
22:11 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාවේ හොර ගිණුම්වලට සැපයුම්කරුවන්ගෙන් අල්ලස් ලෙස කොමිස් මුදල්. සැපයුම් කරුවන් ගෙන්වා පාටිත් දෙයි.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    3
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම දුෂිත වීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ 2006 අංක 49 දරණ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ( ටෙන්ඩර් ක්‍රමය නොහොත් භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේ ක්‍රමය) හදුන්වා දීමත් සමගය. එම හඳුන්වා දීමත් සමගම විගණකාධිපතිට තිබු බලය කප්පාදු කල අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තිබු වංචා, දුෂණ විමර්ශනය කිරිම වෙනුවෙන් තිබු බලයද තුට්ටු දෙකට ඇද දැම්මේ සමස්ත බලයම මහින්ද රාජපක්ෂ වෙත ලබා ගැනීමට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවද වෙනස් කර ගැනීමත් සමගය. ඒත් සමගම විගණන වාර්තා සකසන විගණන නිලධාරීන්ට පවා විවිධ තර්ජන ඇති විය. ශ්‍රී ලංකාවේ අධිකරණ විනුසුරුවරුන්ගේ උසස්වීම් අහිමිකරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ටද විනිසුරුකම් ලබා දෙමින් අධිකරණ පද්ධතියද විනාශ කරමින්, රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් ආදිය ලබා දීම සදහා විද්‍යාත්මකව පිළිගත් සියලුම ක්‍රමවේද වලට පයින් ගැසීමට අවශ්‍ය දේශාපලන රාජ්‍ය සේවය ඔහු විසින් ස්ථාපනය කරමින් , මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට විවිධ වරප්‍රසාද ලබාදෙමින් මහින්ද රාජපක්ෂ නාමයට තම බිරිඳ දරුවන් පවා ලබාදීමට තරම් පවිටු, කොන්දක් නැති වන්දනීය මාණ්ඩලික ශ්‍රේණියක් ඔහු වෙනුවෙන් ඔහු බිහිකරගන්නා ලදී. සමස්ත සමාජ පද්ධතියම විවිධ අයුරින් විවිධ පැතිකඩයන් ඔස්සේ විනාශ කිරිමට හැකිවන ලෙස මාණ්ඩලික ශ්‍රේණියට තම බලය භාවිතා කිරිමට ඉඩ ලබා දුන් ඔහු සමස්ත රාජ්‍ය සේවයම බාල්දුකර දැම්මා පමණක් නොව මාණ්ඩලික ශ්‍රේණියට නිදහසේ හොරකම්, දුෂණ මෙන්ම වංචා කිරිමට හැකි ලෙස සමස්ථ පද්ධතියම සකසා දුන්නේය.

    ඔහු එවන් පසුබිමක් සකසා දුන්නත් බුද්ධිමත් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් අනාගත විනාශය දුටු බැවින් ඔවුන්ගේ එම ක්‍රමයට විරුද්ධ වුවත්, ආගමක් දහමක් නූගත්, රටේ හෝ තමන්ගේ දරු පරපුරේවත් හෙට දවස ගැන නොසිතු ආත්මාර්තකාමි මාණ්ඩලික ශ්‍රේණියේ බහුතරයක් ඔවුන්ගේ දුෂිත ක්‍රියා අනුමත කරමින්  ඒ මග ගියේය. ඒ අතර එම බලයම භාවිතා කරමින් 2006 අංක 49 දරණ ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයේ තිබෙන ක්‍රමද වෙනස් කරමින් එවකට සිටි ගුවන් හමුදාධිපතිවන රොෂාන් ගුණතිලක සමග එවකට සිටි අයවැය පාලන නිලධාරියා මෙන්ම තවත් ප්‍රසම්පාධන නිලධාරීන් කිහිපදෙනෙකු එකතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ ක්‍රමවේදය විකෘති කළේය. ගුවන් හමුදාවේ සැපයුම් අංශයේ එක කොටසකට පමණක් උරුමව තිබු ප්‍රසම්පාධන ක්‍රියාවලිය ගුවන් හමුදා මූලස්ථානයේ සහ එවකට කදවුරු 24 ක පමණ සිටි සේවා පුද්ගලයන්ගෙන් බාගයකටත් වඩා, භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේදී සිවිල් මුදලාලිලාගෙන් කොමිස් ගැනීමට හැකි ලෙස සැකසුවේය. ඒ කතාවත්, ගුවන් හමුදාවේ මිලදී ගැනීම් නීතිවිරෝදී වන්නේ කෙසේද යත්, 2007 සිට මිලදී ගත් සියලුම භාණ්ඩ සහ සේවා සදහා වියදම්ව තිබෙන රුපියල් බිලියන් ගණනාවක් වන සියලුම මුදල් නැවත රජයට අය කරගත යුතුය. වෙනත් රටවල නම් එසේ වන අතර ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට අනුවද එසේ කල හැකිය. නමුත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ රාජ්‍ය සේවා මාෆියාව නිසාය. ඒවා අය කරගත යුත්තේ ගුවන් හමුදාධිපතිවරුන්ගේ සිට ටෙන්ඩර් ලිපිවලට අත්සන් තබා තිබෙන සියලුම නිලධාරීන්ගෙනි.

    ඒ අනුව ගුවන් හමුදාවේ 2007 සිට මේ දක්වාම සිටි අධ්‍යක්ෂකවරු මෙන්ම සැපයුම් ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු බොහෝ නිලධාරීන් කෝටිපතියන් වී සිටිති. විශේෂයෙන්ම සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක, විද්‍යුත් හා විදුලි සන්නිවේදන, සිවිල් ඉංජිනේරු, පරිඝනක තාක්ෂණික අධ්‍යක්ෂකවරු, සැපයුම් අධ්‍යක්ෂකවරු, ආදී අධ්‍යක්ෂකවරුන් ගණනාවක් මිලියන් පතියන් වේ. එසේම ඒවායේ රාජකාරි කල මාණ්ඩලික නිලධාරීන්ද එසේමය. නමුත් වර්තමාන සැපයුම් අධ්‍යක්ෂකවරයා කිසිම ආකාරයක දුෂිත ක්‍රියාවලියකට සම්බන්ධ නැති පුද්ගලයෙකු බවටද ප්‍රසිද්ධය.

    අප මේ සෘජුවම චෝදනා එල්ල කරන්නේ ඇයිද යන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමග ගලපමින් වෙනත් ලිපියක් ඉදිරියේදී පලකරනු ඇත. අපගේ මාතෘකාවට අදාල වුයේ සැපයුම්කරුවන් ගෙන්වා පාටි ලබාදෙන බව සහ කොමිස් මුදල් යොදන හොර ගිණුම් පිලිබඳවයි. පසු ගිය වර්ෂයේ පමණක් නොවේ, අප ඉහතින් සඳහන් කල අධ්‍යක්ෂක මණ්ඩලවලින්, සැපයුම් අධ්‍යක්ෂකය හැර අනෙක් අධ්‍යක්ෂකයන් විසින් භාණ්ඩ දෙන සැපයුම්කරුවන් ගෙන්වා ඔවුන්ට සාද ලබා දෙති. එසේ ලබා දුන් බව කියන්නට සාක්ෂි අප සතුව තිබේ. ඒවා සහ ආයතන මෙන්ම දිනයන් ආදිය පිලිබඳව අප තවත් ලිපි කිහිපයකින් ඉදිරිපත්කරනු ඇත. එසේම මෙම ලිපියේ සදහන් සැපයුම්කරුවන් අල්ලස් ලෙස ලබා දෙන මුදල් යෝදන හොර ගිණුම් කිහිපයක තොරතුරුද අපට ලැබී තිබේ. ගුවන් හමුදාවේ සමහර නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ගිණුම්වලට ලැබෙන ලක්ෂ ගණනාවක් වන මුදල්වලට අමතරව තමන් එසේ නොකරන බව පෙන්වීමටද ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක අංශවල නීතිවිරෝදී ලෙස බැංකු ගිණුම් සකසා තිබේ. ඉන් එක ගිණුමක් අප අනාවරණය කරන අතර, අප ගුවන් හමුදාපතිවරයාට අභියෝගයක් ලබා දෙන්නෙමු. නිවැරදිකරුවන්ද වැරදිකරුවන් බවට පත්කරමින් ගුවන් හමුදාවෙන් පිටමන් කර තිබෙන ගුවන් භටයන් සිය ගණනාවක් සිටි. එසේ නම් මේ අප ඉදිරිපත්කරනා ගිණුම් අංකය ආරම්භ කල දා සිට මේ දක්වාම සිටි අදාළ ගුවන් හමුදාවේ අධ්‍යක්ෂකවරුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ඔවුන් පුද්ගලිකව ලබා ගන්නා අල්ලස් වලට අමතරව මෙම ගිණුමට මුදල් යොදාගෙන තිබේ. ඒවාද ඔවුන් භාවිතා කර තිබේ. එම අල්ලස් මුදල් ඔවුන් භාවිතා කලේ කෙසේද , එම ගිණුමට මුදල් ලබා දී තිබෙන සැපයුම්කරුවන් කවුද?, මුදල් ලබාගෙන තිබෙන අධ්‍යක්ෂකවරු කවුද යන්න මෙම ගිණුම ආරම්භ කල අවස්ථාවේ සිට මේ දක්වාම අවශ්‍ය තොරතුරු අප ලබාගෙන තිබේ. අප ගුවන් හමුදාපතිවරයාට ලබා දෙන අභියෝගය නම් විශ්‍රාම ගොස් සිටින එම අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි. කොමර්ෂල් බැංකුවේ 8480047768 දරණ ගිණුම එසේ පවත්වාගෙන යන එක ගිණුමකි. මේ ගිණුමෙන් වැඩ පටන්ගෙන පෙන්වන ලෙස අප නැවතත් අභියෝග කරන්නෙමු.

    එසේම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න , නීති අධ්‍යක්ෂකවරිය මනාව දන්නා බැවින්, අනෙකුත් විස්තර ඉදිරිපත්කිරීමට පෙර මෙම හොර , අල්ලස් ගිණුම මගින් සිදුකර තිබෙන නිල ඇදුමටත් නිඟා දෙන, මහජන ආයතනය විනාශ කිරීමට සිදුකර තිබෙන දුෂිත ක්‍රියාවලියට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කල යුතුමය. ගුවන් හමුදාධිපතිවරයා එසේ කරනා තෙක් අප බලා සිටින්නේ සියලුම තොරතුරු අප සතුව තිබෙන බැවිනි. ඔබ විශ්‍රාම යාමට පෙර අනිවාර්යෙන්ම මෙම මහජන මුදල් වංචාවට එරෙහිව කටයුතු කර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තත්ත්වයෙන් බාල භාණ්ඩ සපයා තිබෙන අදාළ ආයතන සමග මෙම දුෂිත ගනුදෙනුවලට අදාල අයගෙන් එම මුදල් රජයට අයකර ගැනීමට කටයුතු කරනු ඇති බවත්, ඔවුන්ට ලබා දිය යුතු උපරිම දඩුවම් ලබා දෙනු ඇති බවටත් විශ්වාසයෙන් අප බලා සිටින්නෙමු.

    එසේම අප ආයතන හිමිකරුගේ තොරතුරු ලබාගැනීම සදහා ඔබ එවා තිබෙන බුද්ධි නිලධාරීන් තිදෙනා සහ කාර් රථය ආපසු කැඳවා, ඔබගේ ආයතනය තුල සිදුවන මෙවැනි සත්‍ය අපරාධ සොයාබැලීමට ඔවුන් යෙදවිය යුතුය. එසේම ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම වැදගත් වන නමුත් , අප ආයතනය පිලිබඳව තොරතුරු සෙවීම සහ ආයතනයේ සේවකයන් පසුපස යාම ජාතික වශයෙන් කිසිදු වැදගත්කමක් නැත. එසේම මෙම සිද්ධියට දඩුවම් කල යුත්තේ මෙම ගිණුම පවත්වාගෙන යන අධ්‍යක්ෂකයේ හිටපු අධ්‍යක්ෂකවරු සියලුම දෙනාට බවත්, ඒ හැර වෙනත් නිලධාරීනට නොවන බවද අප නැවතත් අවධාරණය කරන්නෙමු.  මක් නිසාද යත් වැරදි නිවැරදි කර තම පරපුර නිවැරදි මාර්ගයේ යැවිය යුත්තේ අධ්‍යක්ෂකවරුන් බැවිනි.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version