English
සිංහල
19:25 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා භටයන්ගේ හොද්දට තුනපහත් නැතිව තියෙද්දී ගුවන් හමුදාධිපතිගෙන් දේශපාලන අධිකාරියට දොළ පිදේනි.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    රටේ බංකොලොත්භාවය කෙතරම්ද යත් රටේ ආරක්ෂක හමුදාවන්ටද පෝෂ්‍යදායි ආහාර වේලක් නොමැතිවීම කණගාටුදායක විය යුතු නොවේ. මක් නිසාද යත් ඔවුන්ට මාසික වැටුපක් හෝ ලැබේ. මාසික වැටුපක් නැති, රැකියා නැති මිනිසුන් දිනෙන් දින වැඩි වෙමින් පවතින විට ආරක්ෂක හමුදාවල්වල භටයන්ටද අඩු පාඩු ඕනා තරම් ඇතිවිය හැකිය. නමුත් එය කනගාටුදායක වන්නේ මේවා විසදීම සදහා ක්‍රම තිබියදී ඒවා සිදු නොකර හමුදාධිපතිවරු තම සුව පහසුව ගැන පමණක් සිතීමය. ඉන් සිදුව තිබෙන්නේ ජාතික ආරක්ෂාව ටිකෙන් ටික දුර්වලව යාමය.

    යුධ හමුදා භටයන්ගේ කෑම වේල පිලිබඳවද පුවතක් අප මීට වාර්තා කළේය. එයට ප්‍රධානතම හේතුව නම්  නිලධාරීන්ගේ හොරකමය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බොහෝ කඳවුරුවල මේ වන විට තුනපහ කුඩුවත් නැති තත්වයට පත්ව තිබේ. වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බොහෝ කඳවුරුවලට තේ කොළ, පොල්, කුකුල් මස්, බිත්තර, කිරිපිටි, කෙසෙල්, කරවල, හාල් මැස්සෝ, තුනපහ, සොයා මීට් වැනි බොහෝ දේවල් සැපයුම්කරුවන් විසින් සපයන්නේ නැත. එසේම එළවලු වර්ග සැපයුවත් අවශ්‍ය එලවලු වර්ග නොලැබෙන බවද කිය වේ.

    කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නිවේදනය කලේ රාජ්‍ය ආයතනවලට ණයට භාණ්ඩ ලබා නොගන්නා ලෙසයි. එය එසේම විය යුතුය. 2007 ට පෙර එවැනි තත්වයන් උදා වුයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මහින්ද රාජපක්ෂ විසින් 2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය හදුන්වා දී විගණකාධිපතිට තිබෙන බලය පවා අහිමිකරමින් මෙරට දූෂිත කළේය. එවකට සිටි මැති ඇමතිවරුන්ද එම දූෂිත ක්‍රමයට අත් ඉස්සුවේය. එකල සිටි රාජ්‍ය පරිපාලන සේවයේ ඉහලම නිලධාරීන්ද එයට වගකිව යුතුය. දැන් රටම දූෂිත වී ඇත්තේ අමනුෂ්‍ය ආකාරයටය.

    නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගිණුම් 9 ක් තිබේ. එම ගිණුම්වල බිලියන් ගණනින් මුදල් තිබේ. ඒවා වැඩි වන විට රජයට ලබාදීම සිදු වේ. එම ගිණුම් වලින් විශාල මුදලක් රජයට ලබා දීම විවිධ හමුදාධිපතිවරු සිදුකරති. එයද වරදක් ලෙස අප නොදකිති. මහජනතාවගේ බදු මුදලින් යැපෙන ඔවුන් උපයන මුදල් රජයට ලබා දීම හොද කටයුත්තකි.  

    එම ගිණුම් වලින් ගුවන් භටයන්ට නැවත ගෙවිය යුතු මුදල් සහිත ගිනුම්  වර්ග තිබෙන්නේ දෙකක් හෝ තුනකි. අනෙක් සියලුම ගිණුම් වල ඇති මුදල් භාවිතා කරමින් ගුවන් භටයන්ගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය සපයා ගත හැකිය. එයටද මහජනතාවගේ බදු මුදලින්ම යැපීමට බලා සිටිය යුතු නැත. එසේම කඳවුරු අග්‍රිම වලද විශාල මුදලක් තිබේ. නමුත් එම මුදල් බොහෝ කාලයකට ප්‍රමාණවත් නොවේ. නමුත් එම ගිණුම්වලින් මාසිකව ලැබෙන පොලිය මිලියන් ගණනාවකි. එම පොලි මුදල් වලින් ගුවන් හමුදාවේ අඩු පාඩු ආහාර ලබා ගත හැකිය. එය සැපයුම්කරුවන්ගෙන්ම ලබාගැනීමට අවශ්‍ය නොවේ. කඳවුරු හරහාම මිලදී ගත හැකිය. එවිට අඩු මුදලට ගත හැකි නමුත් අල්ලස් ගැනීමේ ක්‍රමය නොනවතිනු ඇත. ගුවන් හමුදාධිපතිද එවැනි අල්ලසක් මෑතකදී ලබා දුන්නේ තම සේවා දිගුව වෙනුවෙනි. ඒ පිලිබඳව වෙනමම ලිපියක් අප පලකිරීමට කටයුතු සිදුකර තිබේ. ඒ සදහා දර්ශන කිහිපයක් ලැබීමට තිබේ. නමුත් වාචික සාක්ෂි සියල්ලම මේ වන විටත් අපට ලැබී තිබේ. එය ලැබුණු වහාම එම පුවත අප පලකරනු ඇත.

    කෙසේ නමුත් වර්තමාන හමුදාධිපති සුදර්ශන් කරගොඩ පතිරණ ගුවන් හමුදාධිපති ලෙස මුල් කාලයේ සාර්ථක ලෙස තම රාජකාරිය සිදුකල නමුත් මාස 7 කට පමණ පසු තම රාජකාරිය තුල ගුවන් භටයන්ගෙන් පලිගනිමින් රටේ නීතිය සමග සෙල්ලමක් ක්‍රියාත්මක කරන ලදී. ගුවන් හමුදා ඉතිහාසය තුල වැඩියෙන්ම සේවය හැරයාම් සහ නිරපරාදේ ගුවන් හමුදා සේවයෙන් ඉවත් කිරීම් වාර්තා වන්නේ වර්තමාන ගුවන් හමුදාපති සමයේ බව ගුවන් හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එය එසේ නම් ඉන් කියවෙන්නේ ඔහුගේ නායකත්වයේ ඇති දුර්වලතාවය වේ. ඒ අතර ජනවාරි මාසය තුල පමණක් ගුවන් හමුදා රියදුරන් 50 ස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ගුවන් හමුදාව හැර ගොස් තිබේ. නමුත් එය සියයට සියයක්ම තහවුරු කරගැනීමට අප අපොහොසත් විය. පසු කාලීනව ඔහු අංක එකටම පළිගැනීම් ක්‍රියාත්මක කල අතර ඩොලර් හිඟය ඇතුලේම වාහනයක්ද ගෙන්වා ගත්තේ විශ්‍රාම යන විට රැගෙන යාමටය. නමුත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුනේ එම වාහනය රැගෙන ආවේ එක්ෂත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයට යෙදවීමට බවය. නමුත් එවැනි දෙයක් සිදු වූ බවක් වාර්තා නොවන අතර එවැනි හමුදා මෙහෙයුම් වලට වාහන යවන්නේ නම් එසේ යවන ක්‍රමයද වෙනස්ය.

    හිටපු ගුවන් හමුදාධිපති සහ මේ වන විට මැලේසියානු මහකොමසාරිස් ලෙස කටයුතු කරන, තමන්ගේ මස්සිනාලා සමග එක්ව බෙහෙත් මාෆියාවේ යෙදුනු සුමංගල ඩයස් මහතාගේ සමයේ ගුවන් හමුදාවේ භටයන්ට නිල ඇදුමක්වත් නැති විය. එකල ආහාර පවා නැති වුවත් එය කොවිඩ් සමයේ තිබු පොදු ගැටලුවකි. එබැවින් ආහාර පිලිබඳව ඔහුට දොස් තබා පලක් නැත.  නමුත් වර්තමානයේ එසේ නොවේ. ලංකාව තුල ආහාර තිබේ. ඒවා බාහිරින් මිලදී ගෙන රජයට බදු ගෙවන ගොවි ජනතාවට සහනයක් වීමට හැකිය. ඔවුන් ලගටම ගොස් භටයන්ට අවශ්‍ය ආහාර මිලදී ගත හැකිය. නමුත් ගුවන් හමුදාධිපතිට එසේ අවශ්‍යතාවයක් නැත. ඔහුට අවශ්‍ය පලිගැනීම් කරමින් ඔහුට අවශ්‍ය ඔහුගේ ගෝලයෙකු ඊ ලඟ ගුවන් හමුදාධිපති කරවීම පමණි. ඒ පිලිබඳව ඉදිරි ලිපියක් පලකරනු ඇත.  එම සියල්ලම අපට සාක්ෂි සහිතවම ලැබී තිබේ.

    (අපද මෙම පුවත් පළකරනුයේ අපට තොරතුරු ලැබෙන බැවිනි. එසේම ඔහු අපගේ වෙබ් අඩවිය පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකිරීමට කටයුතුකර තිබුණි. නමුත් අප රජයේ ලියාපදිංචි මෙන්ම බලපත්‍රදාරි පිළිගත් මාධ්‍ය ආයතනයකි. එබැවින් අපට මේවා ලිවීමට සිදු වේ. එසේම අප මෙම පුවත් සියල්ලම පළකරනුයේ වගකීමක් ඇතිව, සාක්ෂි සහිතව වේ. ඒ හැර කිසිම අවස්තාවක මෙම වෙබ් අඩවිය කිසිම පුද්ගලයෙකුට එරෙහිව චෝදනා එල්ල නොකරන අතර මේවා බොරුනම් ඒවාට ප්‍රකාශ ලබා දී ඒවාද අප කටයුතු කරනා අතර ගුවන් හමුදාපති පිලිබදව අප පළකර තිබෙන කිසිදු පුවතකට ඔහු ප්‍රතිචාර දක්වා නැත. ඉන් තහවුරුවන්නේ අප පළකර තිබෙන පුවත් සියල්ලම සත්‍ය බවය).     

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version