ඊයේ (5) දින කිළිනොච්චිය ඉත්තෑවිල් ප්‍රදේශයේදී ගෙමිදුලකින් වලදමා තිබියදී අත්බෝම්බ හා පතොරොම් හමුව ඇති බව වාර්තා වේ.
නිවෙස් හිමියා විසින් අවශ්‍යතාවයක් මත මිදුලේ වලක් හාරමින් සිටියදී බෑගයක දමා වලදමා තිබියදී හමුවී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට දැනුන් දීමෙන් අනතුරුව එම නිලධාරීන් හා STF නිලධාරීන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එම නිලධාරීන් එම භාණ්ඩ පරික්ෂා කිරීමේදී එහි අත් බෝම්බ දෙකක් හා T 56 වර්ගයේ අවි සදහා භාවිතා කරණ පතොරොම් 175 ක් සොයාගත් බව වාර්තාවේ.
යුද සමයේ මෙම භාණ්ඩ LTTE සාමාජිකයන් විසින් වලදමා ඇතිබවට පොලීසිය සැක පහළ කරණ අතර සොයා ගන්නා ලද ආයුධ අධිකරණ නියෝගයක් මත නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත් බවයි පැවසෙන්නේ.














































