සති දෙකකට පමණ පසුව ඊයේ රාත්‍රී ගොඩකවෙල ප්‍රදේශයට ඉන්ධන ලැබී තිබුණි. ඒ අත්‍යාවශ්‍ය සේවකයන් ලෙස නම් කර තිබුනු සෞඛ්‍ය සේවය සදහා පමණි. ඊයේ (16) ඉන්ධන පැමිණීමටත් ප්‍රථම වෛද්‍යවරු සහ සාමාන්‍ය ජනතාව අතර ගැටුමක් ඇති විය. ඒ සාමාන්‍ය ජනතාවට රුපියල් දහසකවත් ඉන්ධන ලබා දෙන ලෙස කල ඉල්ලීමට වෛද්‍යවරුන් අකමැති වීමත් සමගය. එහිදී වෛද්‍යවරයෙකුට පහර දී තිබුණි. මාධ්‍යවේදියෙකුටද තර්ජනය කර තිබුනේ වෛද්‍යවරයාට කල පහරදීම වීඩියෝ කරගෙන ඇතිබවට සැකකරමිනි.
පෙරදින (16) ඇති වූ නොසන්සුන්කාරි වාතාවරණයත් සමගම අද (17) අත්‍යාවශ්‍ය සේවකයන්ට ඉන්ධන ලබා දීම ගැටළුවක් නිර්මාණය වී තිබුණි. ඒ කිහිපදෙනෙකුගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙනි. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන බෙදාහැරීමට ආදී විරෝධයක් එල්ලාව තිබේ. මේ හේතුවෙන් ගොඩකවෙල වෙල්රෝ ඉන්ධන හල අවට සහ එහි ආරක්ෂාව වෙනුවෙන් හමුදා අනුකන්ඩයක් යෙදවීමට කටයුතු කර තිබුණි. ඊට අමතරව අවට පොලිස් ස්ථානවලින් විශේෂ රාජකාරි ලෙස විශාල පොලිස් කණ්ඩායමක් කැදවා තිබු අතර සිවිල් ඇදුමින්ද පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණු බව අපගේ වාර්තාකරුවන් සදහන් කරන ලදී. එසේම ප්‍රදේශය බාර පොලිස් අධිකාරි
ගොඩකවෙල පොලිස් ස්තානධිපතිගේ මැදිහත්වීමෙන් සාමන්‍ය ජනතාවට පෙට්‍රල් ලීටර් 2 බැගින් ලබා දීමට තීරණය කර සාමන්‍ය ජනතාව වෙනුවෙන් ලීටර් 1000 ක් ඉතිරිකිරීමට වෛද්‍යවරු තීරණය කර එය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කිරීමත් සමගම ඇවිලීමට තිබු තවත් ගින්නක් නිවීම සිදු විය.
එම තීරනයට (16) ඊයෙම වෛද්‍යවරුන් එකග වුයේ නම් වෛද්‍යවරයාට පහර දීම හෝ මාද්‍යවේදියාට තරජනය් කිරීම සිදු නොවේ. කෙසේ හෝ අද (17) එසේ ඉන්ධන ලීටර් දහසක් සාමන්‍ය වැසියන් සදහා ලීටර් 2 බැගින් ලබා දීමට කල තීරණය කර තිබියදීත් ගොඩකවෙල නගරය අපකීර්තියට පත්කරන කිහිපදෙනෙකු ප්‍රචණ්ඩකාරී ලෙස ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාදා කරන ලදී.
සාමන්‍ය ජනතාව ලෙස කිහිපදෙනෙකුගේ අපකිර්තිදායක හැසිරීම නොතිබුනේ නම් මේ අකාරයෙන් ඉන්ධන ලීටර් දහසක් සාමන්‍ය වැසියන්ට නොලැබී යාමට ඉඩ තිබුණි. නමුත් ලීටර් දහසක් ලබා දෙන බවට නිවෙදනය කර තිබියදීත් රත්වාහන් ගමනාගමනයට බාධාකිරීම අනුමත කල නොහැකි ක්‍රියාවලියකි.
පොලිස් සහ යුධ හමුදා අනුකණ්ඩය සමග සියල්ලම පාලනය කිරීම ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති කේ එන් විජේසිරි විසින් සිදුකර තිබු අතර යුධ හමුදා අනුකණ්ඩය සමග යුධ හමුදා කැප්ටන් වරයෙකුද සහාබාගී විය. ප්‍රදේශය බාර පොලිස් අධිකාරි නිමල් පෙරේරා මහතාද තත්වය පාලනය කිරිම සදහා පැමිණ සිටි බවද අප වාර්තාකරුවන් සදහන් කරන ලදී.














































