අස්වැසුම සුභසාධන ක්‍රමය යටතේ සහනාධාර නොලැබුණු දුගී දුප්පත් ජනතාව එයට විරෝධය පාමින් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් ප්‍රධාන මාර්ගය අවහිර කර තිබුණි.
ඔවුන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී එම ගැටලුව ඉදිරිපත් කිරීමත් සමග මාර්ගය විවෘත වී තිබේ.