පසුගියදා ගොඩකවෙල වෙල්රෝ නමැති ඉන්ධන හලකට ඉන්ධන ලැබී තිබුනේ අත්‍යාවශ්‍ය සේවා සදහාය. එම ඉන්ධන ලබා ගැනීම සදහා අවට රෝහල් කාර්ය මණ්ඩලය උදෑසන සිට හවස 05.00 පමණ වන විටත් පෝලිමේ රැදී සිටියහ.
ඒ අතර එම ස්ථානය අසල අනෙක් පසට දින ගණනාවක් පුරා රථවාහන තබාගෙන ජනතාව රැදී සිට තිබෙන්නේ ඉන්ධන ලබා ගැනීමටය. ඒ අතර දරුවන් දීර්ගකාලින රෝගාබාධ වලට ලක් වූ දරුවන් දෙදෙනකු වෛද්‍ය සායනවලට යාම සදහා ඉන්ධන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එම ඉන්ධන බෙදා හැරීම අධීක්ෂණය සදහා වෛද්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබී ඇත. නමුත් එම ඉල්ලීම ඉටුකිරීමට එම වෛද්‍යවරුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් එක් දරුවෙකුගේ ජීවිතය දැඩි අවධානමක තිබෙන අතර අදාළ පොත් පවා ඉදිරිපත් කලද ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ගැන ජනතාව දැඩි අප්‍රසාධයක් දක්වා තිබේ. ( ගොඩකවෙල සිට කොළඹට යාමට සහ ඒමට කිලෝ මීටර් 284 – නුවරට යාමට සහ ඒමට 364 කිලෝ මීටර්) සඳහා
එම ඉල්ලීමට ඉඩ ලබා නොදීම නිසා අත්‍යාවශ්‍ය සේවකයන්ට එරෙහිව ජනතාව නැගී සිටිමට එක් රොක් වෙමින් තිබියදී ඒ සදහා ගොඩකවෙල පොලිස් ස්තානධිපත් කේ එන් ආර් විජේසිරි මහතාගේ මැදිහත්වීමෙන් එම දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රෝහලට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීමට මැදිහත්ව තිබේ.
වෛද්‍යවරුන් සියලුම දෙනාම මිනිසුන් නොවෙති. සියලුම වෛද්‍යවරුද නොමිනිසුන් ද නොවෙති. එහෙත් දරුවෙකුගේ වේදනාව දැනෙන්නේ දෙමාපියනට පමණක් නොව මනුෂත් කමක් තිබෙන සියලුම මිනිසුන්ට එය දැනෙන්නට අවශ්‍යයි. රාජ්‍ය සේවකයන්ට වැටුපක් ලැබෙති. නමුත් මේ ඉන්ධන පෝලිම්වල දුක් විදින ජනතාව දෙපයින් නැගී සිටින රටට බරක් නැති , ණය නැති වැසියන් බව අමතක නොකරන්න.