English
සිංහල
23:00 සිකුරාදා, ජූනි 5, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගෝඨා ‘ගෝ හෝම්’ අරගලයේ මහමොළකරු රනිල් ද?

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය (1981 දක්වා පාර්ලිමේන්තුව) අවහිර කිරීමට තමන්ව මෙහෙයවූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගියදා හෙළිදරව් කළේය.

    බදුල්ලේ පැවති පළාත් පාලන ඡන්දයට තරග කරන එජාප අපේක්ෂකයන් සහභාගිවූ රැස්වීමකදී අමාත්‍යවරයා අවධාරණය කළේ පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගොස් ‘ගෝඨා ගෝ හෝම්’ උද්ඝෝෂණය ආරම්භ කළේ එජාප නායකයාගේ උපදෙස් පරිදි තමන්ගේ කණ්ඩායම බවය.

    මෙම ආන්දෝලණාත්මක ප්‍රකාශය කරන අවස්ථාවේ එජාප නියෝජ්‍ය නායක හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන ද බදුල්ලේ පැවති එම රැස්වීමට සහභාගි වී සිටියේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව එජාප නායකයා පළමු වෙඩිමුරය පත්තු කළේ 2022 මාර්තු 15 බවයි.

    එජාප නායක වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව විරෝධතාකරුවන් මෙහෙයවූයේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමේ මෙහෙයුමට නායකත්වය දීමට මැලිවූ පසුබිමක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සිදු නොවූ දෙයක් කීමට කිසිදු අවශ්‍යතාවක් නැත. කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට මාධ්‍ය වැඩි අවධානයක් යොමු කළේ නැත. නමුත් අරගලයට (ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට) එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී වික්‍රමසිංහ කළ දායකත්වය සම්බන්ධයෙන් ‘නිල’ මට්ටමේ ප්‍රකාශයක් පළමුවරට කර ඇත.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කළාට පසුව එජාප වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට එම ආරාධනාව ලැබුන බව රහසක් නොවේ.

    අවසානයේ ‘ගෝඨා ගෝ හෝම්’ මෙහෙයුමට නායකත්වය දුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම ලබන්නේද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේම අතිනි. ඒ 2022 මැයි 12 දිනය.

    ඉන් පසුව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන්ම අමාත්‍යධුර ලබා ගැනීම ඇත්ත වශයෙන්ම දෛවයේ සරදමක් නොවේද? වෙනත් කිසිදු සමගි ජන බලවේග මන්ත්‍රීවරයකු අද වනතුරු අමාත්‍ය තනතුරු ලබා ගැනීමට ආණ්ඩුවට එකතු වී නැත.

    බදුල්ලට තරග කරන එජාප අපේක්ෂකයන් ඉදිරියේ හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගැනීමට පුළුවන් බවට මතයක් හැදීමට ඔහුට බලවත් වුවමනාවක් තිබූ බවය.

    අමාත්‍යවරයා පවසන පරිදි ඔහු අංක 30 දරන මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලයේ රැස්වීමකට සහභාගිවී සිටින අවස්ථාවක දුරකථන ඇමතුමක් ලැබී ඇත. “මම බැලුවා කවුද කියලා. ඒ රනිල් වික්‍රමසිංහ ලොක්කා, කිව්වා පොඩ්ඩක් එළියට පලයන් කියලා. මම එළියට ගියා. බය නැතිව ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට පලයන් කිව්වා. එදා පටන් එතුමයි මමයි අතර ලොකු සම්බන්ධතාවයක් ඇතිවුණා.”

    ජනාධිපතිවරයාව ඉහළින්ම තැබූ අමාත්‍යවරයා ඊට පසුව අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය මෙම අවස්ථාවේ පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවත්, ආණ්ඩුවට තවදුරටත් වර්ධනය වෙමින් පවතින අර්බුදය කළමනාකරණය කර ගැනීමට දෙසැම්බර් දක්වා කාලය දෙන ලෙසත්ය.

    හරින් ප්‍රනාන්දු මීට පෙර කළ ආන්දෝලණාත්මක ප්‍රකාශය ඔබට මතකද? ඒ 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවන බව ඔහුගේ පියාවන නැසීගිය නිහාල් ප්‍රනාන්දු දැනුවත් වී සිටි බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ විගස සහ ඉන් මාස කීපයකට පසුව ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ හරින් ප්‍රනාන්දු අවධාරණය කළේ අප්‍රේල් 21 වන දින එල්ල කළ ප්‍රහාර මාලාවට පෙර දින නන්දලාල් නමැති පොලිස් නිලධාරියා අසනීපවී සිටි තමන්ගේ පියාට ඒ බව පැවසූ බවයි. නන්දලාල් මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම ඇතුළු ත්‍රස්තවාදී විමර්ශනවල ද යෙදී සිටි නිලධාරියෙකි. අමාත්‍යවරයාගේ පියාට නන්දලාල් ගත් විනාඩි හයක දුරකථන ඇමතුමේදී කළ හෙළිදරව්ව ආන්දෝලණාත්මකය.

    එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව මෙහෙයුම දියත් කළ බවට හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී පක්ෂය සහ එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට (පොහොට්ටු පක්ෂයට) එරෙහිව ගාලු මුවදොරට එක්වූ ජනතාවගේ අවධානයට යොමු විය යුතුමය. අරගලයේදී සිදුවූ විනාශකාරී ක්‍රියා සම්බන්ධයෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙරටුගාමී පක්ෂයට සහ එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ඇඟිල්ල දිගු ඇත. එම චෝදනා එම පක්ෂය ප්‍රතික්ෂේප කර ඇත.

    හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසන ආකාරයට ජනාධිපති කාර්යාලයට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මිරිහානේ පැඟිරිවත්තේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ජනතා විරෝධය පුපුරා යෑමටත් පෙරය. ඒ 2022 මාර්තු 31 වන දින රාත්‍රියේය. මීට වසරකට පෙරය.

    අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 මැයි 12 වන දින දිවුරුම් දෙන වික්‍රමසිංහ මැයි 25 දින මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන් පසුව පොහොට්ටු පක්ෂයේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙසත් (ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ ලබාගත් වසර 5 ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට) පත්වූ එජාප නායක වික්‍රමසිංහ, අද අරගලයේ අනෙකුත් පාර්ශ්ව සහ පොහොට්ටු පක්ෂය අත්හල කණ්ඩායම් සමග බරපතළ ගැටුමකට මැදිවී ඇත. ඒ වසරකින් දැනටමත් කල් ගොස් ඇති පළාත් පාලන මැතිවරණය තවදුරටත් නොපවත්වා සිටීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය හේතුවෙනි.

    අවසන් මහ මැතිවරණයේදී (2020 අගෝස්තු) සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ හරින් ප්‍රනාන්දු පෙනී සිටින්නේ පුංචි ඡන්දය නොපැවැත්විය යුතු බවට වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සහ එයින් පිටත කර ඇති ප්‍රකාශ වෙනුවෙනි.

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් මාර්තු 01 වන දින නිකුත් කළ නිවේදනයකට අනුව මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා, දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින කණ්ඩායම පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ස්ථාවරය සමඟ සම්පූර්ණයෙන්ම එකඟය.

    එම පක්ෂ නායක රැස්වීමට නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාද සහභාගිවී සිටියේය. කැබිනට් මණ්ඩලය පත් කිරීම සහ කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය අතර විරසකයක් ඇත. නමුත් පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම පිළිබඳව එකඟතාවයක් ඇත. එම දෙපාර්ශ්වය අතර එම තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවක් තිබිය නොහැක. මීට පෙර 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන ඡන්දයේදී එජාපයට සහ එවකට එම ආණ්ඩු පක්ෂයේ යහපාලන හවුල්කරුවූ ශ්‍රීලනිපයට අත්වූ ඉරණම ජනාධිපති වික්‍රමසිංහට අමතක විය නොහැක.

    පොහොට්ටු පක්ෂයට ද, සමගි ජන බලවේගයට මෙන්ම ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ ඉදිරි ගමන පිළිබඳව යම් චකිතයක් ඇති වී ඇත. ඒ එම පක්ෂය (මාලිමාව) සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විශ්වාසයට වඩා ප්‍රධාන දේශපාලන ධාරා දෙක සම්බන්ධයෙන් ජනතාව අතර ඇතිවී තිබෙන පිළිකුල නිසාය.

    අරගලයට වික්‍රමසිංහ දුන් ‘නායකත්වය’ නැතහොත් ඔහුගේ දායකත්වය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ පෙරටුගාමී පක්ෂය සහ ජවිපෙ ක්‍රියාකාරීත්වය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට එරෙහිව නැඟී එන විරෝධතාවයට දැක්වූ ප්‍රතිචාරයද අවධානයට ලක්කරමිනි. ජනාධිපතිවරයා, අරලිගහ මන්දිරය මැයි 09 ක්‍රියාත්මක කළ මෙහෙයුම වැළැක්වීමට සමත් වූයේ නම් ඔහුගේ ආණ්ඩුව කඩා වැටෙන්නේ නැත.

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ සහ එවකට අමාත්‍ය සරත් වීරසේකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ප්‍රතිචාරය දුර්වල වූ බව ප්‍රකාශ කර ඇත. ජුලි ජේ. චන්ග් ඇමෙරිකානු තානාපතිවරියට අවශ්‍ය ආකාරයට අරගලයට ප්‍රතිචාර දැක්වීමට ගොස් ජනාධිපතිවරයා වැඩේ වරද්ද ගත් බවට එම පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනාම චෝදනා කර ඇත.

    හරින් ප්‍රනාන්දුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට යැවූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම් දී දිනක් යෑමට පෙර ආරක්ෂක හමුදා යොදවා ජනාධිපති කාර්යාලයේ රැඳී සිටි කණ්ඩායම පළවා හැරියේය. ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරිය පළකළ විරෝධතාවය ඇස් බැන්දුමක් ද ?

    සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය තුළ වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ අනාගතය තීරණය වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව කැමැත්තෙන් පාරට බහින්නේ නැත. පාක්ෂිකයන්ගේ තත්ත්වය වෙනස්ය. ජනතාව නොමැතිව ආණ්ඩුව හෙල්ලීමට අවශ්‍ය පිරිස් බලය කිසිසේත් සොයා ගත නොහැක. සත්‍යය එයයි.

    මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන විශ්‍රාමික රෝහිනී මාරසිංහ විනිසුරුවරිය මීට මාස කීපයකට පෙර ජිනීවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාදාමය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම සහ වික්‍රමසිංහ බලයට පැමිණීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් වැදගත්ය. අවාසනාවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලම තම තමන්ගේ යල් පැනගිය දේශපාලන උපාය මාර්ගවල හිරවී සිටිති. ඒ හේතුවෙන් එම පක්ෂ සහ කණ්ඩායම් තව දුරටත් තිව්‍ර වෙමින් පවතින අර්බුදයේ දිග පළල නොදකී. භූමියේ තත්ත්වය දැන ගැනීමට අවශ්‍යතාවයක් ද නැත.

    අවසන් ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ඉතාමත් වගකීම් විරහිත බදු ප්‍රතිපත්තිය සහ අතිශය බරපතළ ණය/ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් රජයේ අදායම කඩාවැටී, ඉන්ධන සහ ගෑස් සැපයුම බිඳ වැටීම තුළ කොළඹට ජනතාව රැස්වූ බව විශ්‍රාමික විනිසුරුවරිය කළ ප්‍රකාශය නැවත නැවතත් පක්ෂ විපක්ෂ පාර්ශ්වවල අවධානයට යොමුවිය යුතුය.

    වේගයෙන් වර්ධනය වෙමින් තිබූ උද්ධමනය, දිනපතා විදුලි විසන්ධි කිරීම් සහ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ජිනීවා නුවර දී අවධානය යොමු කළ එතුමිය පෙන්වා දුන්නේ වගකීම් විරහිත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ රජය ජනතාවගේ කෝපයට පාත්‍ර වූ බවයි. ජනතාව එම ආණ්ඩුව පළවා හැරිය බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පළා යෑමට සිදුවූ හේතු අදටත් අදාළය.

    එලෙසම ගාලු මුවදොර අරගලකරුවන්ට මැයි 09 වන දින අරලිය ගහ මන්දිරයෙන් පැමිණි පොහොට්ටු මැරයින් පහර දීමෙන් පසුව සංවිධානාත්මක අරගලකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන් එල්ල කළ ප්‍රහාර මර්දනය නොකිරීම සම්බන්ධයෙන් එවකට හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත චෝදනා එල්ල වී ඇත.

    ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට අසමසම නායකත්වයක් දුන් ගජබා රෙජිමේන්තු විරුවා රාජපක්ෂවරුන් පවා දුන් බවට චෝදනාවට ලක්වී ඇත. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔහුට පක්ෂව සහ එරෙහිව අරගලය පුපුරා යෑම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් පවතියි. ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් දයා රත්නායක එවකට හිටපු ජනාධිපතිවරයාගේ නියමයෙන් කළ පරීක්ෂණයකින් පසුව එළිදැක්වූ වාර්තාවක් පදනම් කරගනිමිනි.

    කොළඹට ජනතාව රැස්වූයේ ගෝඨාභය රාජපක්ෂ රජය අවම ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත්වීම නිසා බව අදටත් සමහරුන්ට තේරෙන්නේ නැත. අරලිය ගහ මන්දිරය දියත් කළ ප්‍රහාරය පොහොට්ටුවට පරා වළල්ලක් වූ බවත් වැටහා ගැනීමට බැරිය.

    ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීම තුළ බටහිර බලවේග ක්‍රියාත්මක වී ඇත. බිඳ වැටුණු ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලැබෙන තුරු වොෂින්ටනය ඉදිරියේ දණින් වැටී ඇති ආණ්ඩුව පිරිහෙමින් ඇති දේශපාලන බලය රැක ගැනීමට නොකරන දෙයක් නැත. ආණ්ඩුවේ උපාය මාර්ගයේ ඉහළින්ම පළාත් පාලන ඡන්දය ඇති බවට ජනාධිපතිවරයා සහ පොහොට්ටුව දිගින් දිගටම අවධාරණය කරයි. සල්ලි තිබුණත් ඡන්ද නැති තත්ත්වයට ආණ්ඩුවට නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්ව දෙක පත්වී ඇත.

    ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

    දිවයින.lk

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version