ඊයේ (30) දිනයේ තිරප්පනේ – ඔරුක්මාන්කුලම ප්‍ර දේශයේ ඝාතනය කර රහසේ ම වළ දමන ලද කියන අලියෙකුගේ සහ ඇතෙකුගේ සිරුරු අධිකරණ නියෝග මත ගොඩගෙන තිබේ.
අනුරාධපුර පශු වෛද්‍ය නිලධාරීන් විසින් ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.
ඒ අනුව ඊට සැකපිට තිරප්පන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වන අලියා සහ ඇතා ඝාතනය කර පුළුස්සා බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වළ දමා ඇති බවට ද අනාවරණය වී තිබේ.
එමෙන්ම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සත්ත්වයින් වළ දැමීඹ සඳහා බැකෝ යන්ත්‍රෙය් ක්‍රියාකරුට රු.80,000ක මුදලක් සැකකරු විසින් ලබා දී ඇති බවයි.
මෙසේ ගොඩගන්නා ලද සිරුරු දෙක අතර එක් දළ ඇතෙක් ද සිට ඇති බවත් දළ ඇතා සහ අලියා විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
47 හැවිරිදි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් උට්ටිමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.අනතුරුව ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබේ.