බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දුවාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට පැමිණ තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව ඇය එහි 09 වන ස්ථානයේ පසුවන අතර ,එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ටහිලා මැක්ග්‍රාත්ටයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද චමරි අතපත්තු කාන්තා පන්දුවාර විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි පළමු දසදෙනා අතරට තේරී පත් වූ බව සදහන්.













































