ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල කල නින්දිත ප්‍රහාරය හමුවේ මේ වන විට ඒ මහතා වින්දිතයෙකු බවට පත්ව සියලුම ගමන් බිමන් ඇතුළුව ඔහුගේ සාමාන්‍ය කටයුතුවත් කරගත නොහැකිව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුට පවතින තර්ජනය නිසාය.
එපමණක්ද නොව, මේ වන තෙක්ම මේ අපරාධයේ සුල මුල හෝ සොයා ගැනීමට නොහැකිව තිබෙන බැවින් එය තවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වී තිබේ. එසේම සමාජය සජීවීව පවත්වාගෙන යන මාධ්‍යවේදීන්ට මෙසේ සිදුවීමෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ට මෙන්ම පුරවැසියන් ලෙස සියලුම දෙනාට සිදුවන්නේ දැඩි අසාධාරණයක් මෙන්ම අයුක්තියකි. එසේම අපරාධකරුවන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමේ වගකිව යුත්තා වන්නේ රජය වෙනුවෙන් පත් කර තිබෙන රාජ්‍ය ආයතන වේ. මෙහිදී වග කිව යුත්තේ පොලිස්පතිය. කෙසේ හෝ කිසිවෙකුටත් දොස් පැවරීම හෝ අඩු පාඩු පෙන්වීමට තරම් සුදුසු කාලයක් තවමත් නැති බැවින් මෙන්ම පොලිසියද අපරාධ කරුවන් සෙවීම සදහා විශාල වෙහෙසක් ගන්නා බව පෙනෙන්නට තිබෙන බැවින්ද චමුදිත සමරවික්‍රම මහතාට ආරක්ෂාවක් ලබා දිය යුතුව තිබේ.
එසේ නොමැතිව ඔහුට යම් අනතුරක් සිදු වුවහොත් එහි පාඩුව සිදුවන්නේ රටක් ලෙස අප සියලුම දෙනාට වන අතර රජයටද ඇගිල්ල දිගු වීම නැවැත්විය නොහැක.
කෙසේ වුවත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන තෙක්ම රජය පාර්ශ්වයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති නිසා ඒ පිළිබඳව හෙට අධිකරණයට කරුණු වාර්තා කර වින්ධිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අදාළ ඉල්ලීම කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.