ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වූ ප්‍රහාරය ගැන සෙවීම සදහා හිරු මාධ්‍යජාලය වෙනමම කණ්ඩායමක් යොදවා තිබේ.
පොලිස් කණ්ඩායම් තුනකින් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන අතර පුද්ගලයන් ගණනාවකින් ප්‍රකාශද ලබා ගෙන තිබේ. ඒ අතර හිරු tv ආයතනයේ විමර්ශන කණ්ඩායමක් වෙනමම පරීක්ෂණයක් ආරම්බ කර තිබෙන බව හිරු news සදහන් කරයි.
මේ බියගුළු ප්‍රහාරය පිළිබඳව ඊයේ සිට මේ වන විටත් විවිධ පාර්ෂව මෙන්ම පුද්ගලයන්ද මේ සිද්දිය හෙලා දකිමින් නිවේදන නිකුත් කල අතර ඊයේ දවස පුරාම ඔහුගේ හිතවතුන් මෙන්ම මාද්‍ය වේදීන් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ද, ජනමාධ්‍ය අමාත්‍යවරයාද ඔහුගේ සුව දුක් බැලීම සදහා ඔහුගේ නිවස වෙත පැමිණ සිටියහ.