රට තුළ සිදුවෙන වංචා දූෂණ අක්‍රමිකතා මෙන්ම විවිධ පාර්ශවයන්ට සිදු වන අගතිදායී කටයුතු සමාජයට නිරාවරණය කරමින් අගතිදායී පාර්ශවයන් වලටත් , අගතිදායී පර්ශවයන් වලින් පීඩාවට පත් වුණු පාර්ශවයන් වලටත් ඔවුන්ගේ හඩ සමාජගත කිරීමට , ඒ සදහා බලධරීන්ගේ අවධානය යොමු කිරිමට අවශ්‍ය කටයුතු කර ගැනිම සදහා නිරන්තරයෙන්ම ඉඩ සලසා දෙන Thruth With Chamuditha යූ ටියුබ් නාලිකාවෙහි හිමිකරු වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැවතත් හෙට (12) අපරාධ අරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.
වාර්තා වන ආකාරයට හෙට (12) ඔහු එසේ කැදවා තිබෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගිහි භාරකාරයා වන සහ බෞද්ධ ජනතාවට අයත් විවිධ මහජන දේපල අවභාවිතා කිරීම , වංචා කිරීම වැනි විවිධ කරුණු කාරණා පිළිබදව දූෂිත චෝදනාවල්වලට ලක්ව සිටින ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටය.
මහනුවර ශ්‍රි දළදා මළිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන නිහාල් ෆර්ඩිනැන්ඩස් මහතා සමග සිදු කරන ලද වංචා දූෂණ පිළිබදව හෙළිදරව්වක් හා සම්බන්ධවය. එහිදී මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ චමුදිත සමරවික්‍රම මහතා වන අතර දියවඩන නිළමේවරයාගේ වංචා දූෂණ හෙළිදරව් කිරීම පිළිබදව කටයුතු සිදු කරන ලද්දේ නිහාල් ෆර්ඩිනැන්ඩස් මහතාය.
එසේම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාගේ වංචා , දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව අප මාධ්‍ය ආයතනයේ හිමිකරු වන ජී.බී. නිශ්ශංක නොහොත් ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .එහි විමර්ශන කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබේ .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු ද කැදවා තිබෙන නමුත් ඔහුගේ කාර්‍යබහුලත්වය හේතුවෙන් දින ඉල්ලා තිබේ.
එසේම දියවඩන නිළමේවරයා හා සම්බන්ධ සිදු කරන ලද පැමිණිල්ල විමර්ශනයට ගැනීම සදහා දැඩි වෙහෙස මහන්සියක් ගැනීමට සිදු වූ නමුත් නිහාල් ෆර්ඩිනැන්ඩස්ට විරුද්ධව දියවඩන නිළමේවරයා විසින් යොමු කර තිබෙන පැමිණිල්ල මාස කීපයක් ඇතුළත විභාග කිරීම ආරම්භ කිරිමට තරම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සමග දියවඩන නිළමේවරයාගේ සමීප සම්බන්ධකම් ක්‍රියාතමක වී තිබෙන බව දක්නට තිබේ.
චමුදිත සමරවික්‍රම මහතා මීට පෙර අවස්ථා ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙන්නේ ඔහු විසින් සිදු කරන ලද විවිධ සාකච්ඡා හා සම්බන්ධවයි. නමුත් මේ ආකාරයෙන් හඩක් නැති මිනිසුන්ට හඩක් වන මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම ගෙන්වීමට ක්‍රියාමාර්ග ගතහොත් එය ඔවුන්ගේ රාජකාරියට දැඩි බාධාවක් වේ.එය එසේ නොකළ යුතුය.එසේම කෙසේ නමුත් විමර්ශනයකට අදාළව ඕනෑම පුද්ගලයෙක් කැදවීමට පොලිස් දෙපාර්තමේන්තුවට බලය තිබේ.නමුත් මෙහිදී සිදු විය යුත්තේ මාධ්‍යවේදියෙක් හා සම්බන්ධ යම්කිසි කාරණාවකදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියා ළගට ගොස් කාර්‍යක්ෂමව ප්‍රකාශ සටහන් කර ගැනීමය. මක් නිසාද යත් එම මාධ්‍යවේදින්ට වැටුප් ගෙවන්නේ ශ්‍රි ලංකා රජයෙන් නොවේ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ වෙනත් ව්‍යවසායකයන් විසිනි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රජය මගින් සියලු වැටුප් ඇතුළු ගමන් වියදම් ලබා දෙයි.නමුත් මාධ්‍යවේදීන් වන සියලු දෙනාටම තමන්ගේ පෞද්ගලික මුදල් වලින් මේ සියලු දේවල් කර ගැනීමට සිදු වේ. නමුත් මාධ්‍යවේදියා සිදු කරන්නේ සමාජය ශෝදනයට අවශ්‍ය දේවල් ඉදිරිපත් කිරීම සේම යහපත් ලෙස තම රජයේ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය තොරතුරු රජය වෙත ලබා දීමයි.නමුත් එසේ සිදු කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිම ආකාරයෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නෛතික ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී නොතිබීම කණගාටුවට කාරණයකි.
චමුදිත සමරවික්‍රම මහතා හෙට (12) දිනයේ කැදවීමට අදාළ වීඩියෝව ඔබට පහතින් දැකිය හැක.එසේම ඊටත් පහළින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිළංග දෑලට එරෙහිව අප ආයතනයේ හිමිකරු විසින් යොමු කරන ලද පැමිණිල්ලේ වීඩියෝවද නැරඹිය හැක.
අප ආයතනයේ හිමිකරු විසින් දියවඩන නිළමේවරයාට එරෙහිව යොදා තිබෙන පැමිණිල්ලේ වීඩියෝව පහතින්.














































