English
සිංහල
00:40 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    චමුදිත හොරු සමග හෙළුවෙන්. ගෝඨාභය ලංකාවට පැමිණි වහාම CID යට. මිග් යානා ගනුදෙනුවේ ලිපිගොනුව ගුවන් හමුදාවෙන් අතුරුදහන්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    උදයංග වීරතුංග ඇතුළු රාජපක්ෂ පවුල අමු හොරුන් බව උදයංග වීරතුංඟ මහතාම ප්‍රකාශ කර තිබීම පුදුමයට කරුණකි. ඉතාම සූක්ෂ්ම ලෙස කාගේ කාගේත් කුණුගොඩවල් එලියට ගනිමින් මහා පරිමාන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා එලියට ගනිමින් කා සමගත් සහයෝගයෙන් සිටින මාධ්‍යව්දී චමුදිත සමරවික්‍රම මහතා, උදයංග වීරතුංග මහතා සමග කල සියලුම සකච්චාවලදී තමනුත් හොරෙක්, වංචනිකයෙක්, දූෂිතයෙක් බවද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලම හොරු බව කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව අමු අමුවේම ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව ඔවුන් අල්ලස් ලබා දුන් ආකාරයද ප්‍රකාශ කරයි. ඔවුන්ගේ දූෂණ වංචා මෙන්ම අපරාධ පිලිබඳව බරපතල  ගැන බරපතල ප්‍රකාශයක් ඔවුන් ඔහු විසින්ම පාපොච්ච්රණය කරයි.  

    රාජපක්ෂ පවුල සමග තමන් කල අපරාධ පිලිබඳව සිදුකරන පාපොච්චාරණය

    ඔවුන්ගේ ප්‍රථම දූෂිතම ගනුදෙනුව වන්නේ මිග් යානා ගනුදෙනුවයි. එම ගනුදෙනුවට අදාළ ලිපිගොනුව පවා අස්ථානගතව තිබෙන බව එම කාලයේම වාර්තා විය. එම ලිපිගොනුව තබිය යුත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේය. නමුත් එම ගිවිසුම් සහිත ලිපිගොනුවද අතුරුදහන් බැවින් එම දූෂිත ගනු දෙනුවේ විමර්ශන නිසි ලෙස කරගැනීමට නොහැකි බැව් එම කාලයේම වාර්තා විය. එකල ගුවන් හමුදාධිපති වුයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකය. එම ගිවිසුම් සහිත ලිපිගොනු අතුරුදහන් වී තිබේනම් එයට වගකිව යුත්තේ එකල සිටි ගුවන් හමුදාධිපතිය.

    වාර්තා වන ආකාරයට එම ලිපි ගොනුව සහිත වටිනා ලිපිගොනු අතුරුදහන් කර තිබෙන්නේ රොෂාන් ගුණතිලකගේ කාර්ය මණ්ඩලයේ සේවය කල රවී ජයසිංහ නමැති පුද්ගලයෙකු බව කිය වේ. නමුත් ඒවා ඔප්පුකිරීමට සාක්ෂි නොතිබිය හැකිය. CID කල යුත්තේ ඔවුන් ගෙන්වා ගමේ අසරණ මිනිසුන්ට කරන්නා සේ එල්ලා ප්‍රශ්න කිරීමයි. නමුත් ඔවුන්ගේ නීතිය ඒ ආකාරයෙන්  ක්‍රියාත්මක වන්නේ කිසිවක් කර කියාගත නොහැකි මිනිසුන්ට බවද නොරහසකි.

    මෙම මිග් ගනුදෙනුව සිදුවන්නේ 2006 දීය. එහිදී මිග් 27 ප්‍රහාරක ගුවන් යානා 4ක් මිලදී ගෙන තිබෙන අතර තවත් මිග් 27 ගුවන් යානා තුනක් සහ මිග් 23 ගුවන් යානයක අලුත් වැඩියා කටයුතුද මෙම ගනුදෙනුවට ඇතුලත්ව තිබෙන බව වාර්තා විය.  මෙම ගනුදෙනුව සිදුව තිබෙන්නේ ප්‍රාන්ත දෙකක් අතර ගනුදෙනුවක් මුවාවෙන් ව්‍යාජ සමාගමක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6 කට අධික ප්‍රමාණයක් වංචා කිරීමේ චෝදනාව මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අවුරුදු ගණනාවක සිටය.

    2006 පෙබරවාරි මස 06 වැනි දින යුක්රේන රජය සතු ව්‍යවසායකක් බව කියවෙන UKRAINMASH වෙතින් එවකට ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ වෙත් යවන ලද ලිපියකින් පෙනී ගොස් තිබෙන්නේ මිග් ගනුදෙනුවේ කොන්ත්‍රාත්තුව මුලින්ම ලබා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට බවයි. එම ලිපිය තුල “ අතිරේක MiG – 27 ගුවන් යානා තොගයක් සැපයීම් සහ ශ්‍රී ලංකාවේ දැනට පවතින මිග් 23/27 ගුවන් යානා ප්‍රතිසංස්කරණය කිරීම හදිසි අවශ්‍යතාවයක්” බව සදහන් වේ. ඒ අනුව තවත් විස්තර සදහන් වන එම ලිපිය යොමුකල දිනයේම ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ එම කොන්ත්‍රාත්තුව පිලිබඳව තම අවධානය යොමු කර තිබේ.

    ඒ අනුව 2006 පෙබරාවාරි 7 දිනැති SLAF/4/6/AIR යන විමර්ශන යොමු අංකය දරන ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව UKRAINMASH වෙතින් ඔවුන්ගේ ඉල්ලීම කර තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලීමක් කිරීමත්, පෙබරවාරි මස 06 වැනිදා UKRAINMASH විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලීමක් කිරීමත් සැකයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් බවද සදහන් වේ.  

    එසේම කොන්ත්‍රාත්තුව සඳහා මූල්‍ය ගෙවීම මූල්‍යකරුවෙකු හෝ තෙවැන් පාර්ශවයක් විසින් සිදුකළ යුතු බව UKRAINMASH විසින් පෙබරවාරි 6 වැනි දින ආරක්ෂක ලේකම් වෙත ලිඛිතව දන්වා තිබේ. නමුත් එම ලිපියේ තුන්වන පාර්ශ්වයක් පිලිබඳව සදහනක් නැත. නමුත් කොන්ත්‍රාත්තුව අත්සන් කරන විට මූල්‍ය සපයන්නා ලෙස එක්ෂත් රාජධානියේ බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් නමැති සමාගමක් බව පෙන්නුම් කළේය. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජය විසින් බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් වෙත ඩොලර් මිලියන 14.6 ක් මුදලක් ගෙවා තිබේ.

    කෙසේ වෙතත් මෙම බෙලිමිස්සා හෝල්ඩින්ග්ස් සමාගම එක්ෂත් රාජධානිය පදනම්කර ගත් සමාගමක් වුවත් එහි ලිපිනය සහ පුද්ගලයන් ව්‍යාජ ඒවා බව  විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම හෙළිදරව්ව එවකට සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුතුංග මහතා 2007 ජුලි 29 වැනිදා සන්ඩේ ලීඩර් පුවත් පතේ පළකර තිබෙන පුවත් පතකින් සකස් කරන ලදී. ඉන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය. නමුත් අධිකරණයට සාක්ෂි දීමට පෙර ඔහු ඝාතනය විය.

    නමුත් දැන් මේ සියල්ලම සාක්ෂිත් සමගම වැළලී ගොස්ය. නමුත් “අළු යට ගිනි පුපුරු” සේ වරින් වර ගිනි ගනී. දැන් උදයංග වීරතුංගලා ඔහේ කියවති.හරියටම වැරදි පාපොච්චාරණය කරන්නා සේය. දැන් ඔවුන් එකිනෙකා පාවා දෙමින් සිටී. උදයංග වීරතුංගට අනුව මේ දූෂිත ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ආරක්ෂක ලේකම්වරයාව සිටිමින් කල කි වැරදි දේවල් වෙනුවෙන් නඩු වැටෙනු ඇත.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version