ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට චීනයෙන් අඛණ්ඩව සහය දීමට සූදානමි බව පවසයි.
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති වත්මන් දුෂ්කරතාවයට සහ ණය බර ලිහිල් කිරීමට මෙන්ම තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීමට ද අඛණ්ඩව සහාය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යංශය මේ බව සඳහන් කරමින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට සූදානම් බවයි.