2023 වර්ෂයට අදාළව පාසල් නිල ඇදුම් ප්‍රමාණයෙන් 70%ක ප්‍රමාණයක් චීන රජය විසින් ලබා දීම සදහා සිය එකගතාවය පළ කර තිබූ අතර එම නිල ඇදුම් ප්‍රමාණයෙන් 1/3 ක් මීට පෙර ලබා දුන් බව වාර්තා විය. ඉතිරි නිල ඇදුම් 2/3 ප්‍රමාණයත් ලබා දෙමින් ඊයේ (08) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත එම සම්පූර්ණ නිල ඇදුම් තොගය ලබා දී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍යයන් හට මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සදහා ද නිල ඇදුම් ප්‍රදානය කරන බවත් මේ වන විට ආරම්භ කර ඇති නිල ඇදුම් බෙදා දීමේ කටයුතු කඩිනම් කර ලබන පාසල් වාරය එළඹීමට මත්තෙන් නිල ඇදුම් බෙදා දීම අවසන් කිරීමට කටයුතු කරන බවත් ය.
( ඡායාරූප අන්තර්ජාලයෙන් )














































