චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
චීන ජනපති ඊයේ (20)ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි.
චීන ජනධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට අභ්‍යන්තරයේ සහ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව තවදුරටත් පුළුල් කරන බවයි.
චීන ජනාධිපතිවරයා විසින් මෙසේ චීනයේ ආරක්ෂාව තරකිරීමට මෙසේ පියවර ගෙන ඇත්තේ චීනය ගන්නා ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ලවිය හැකි බවට බටහිර රටවල් ප්‍රකාශයක් කර ඇති පසුබිමක ය.















































