අනතුරුදායක ලෙස මාර්ගයී යතුරුපැදි ධාවනයේ යෙදෙන තරුණයන් නිසා පසුගිය සමයේ ජිවිත පවා අහිමිව ගිය අවස්ථා වාර්ථා වේ.
මීට සති කිහිපයකට පෙරද අනතුරුදායක ලෙස රිය ධාවනයේ යෙදුනු පාසල් සිසුන් තිදෙනෙකුට අවවාද කිරීමට ගොස් ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගල ජීවිතයක් පවා අහිමි විය.මෙවන් පසුබිමක අනතුරුදායක ලෙස රිය ධාවනයේ යෙදෙන තරුණයින් පිරිසකගී රූප රාමු සමාජ මාධය හරහා සන්සරණය වන බවයි.
එනම් අනතුරුදායක ලෙස යතුරුපැදිය ධාවනය කරන තරුණයෙක් පසුපසින් පැමිණි මෝථර් රථයේ ගැටීමට යාමේදී රියදුරු විසින් පාලනය කල අතර යතුරුපැදිකරු සහ ඔහුගේ යාලුවන් රියදුරුට තර්ජනය කරමින් බැන වැදි තිබූ තිබුණි.
මේ අතර තවත් විඩියෝවක අනතුරුදායක ලෙස යතුරුපැදියක් ධාවනය කල නව යොවුන් වියේ තරුණයන් තිදෙනෙකුට අවවාද කරන අයුරු දැක්වේ.මෙහි විශේශත්වය වන්නේ යතුරුපැදියේ අන්ක තහඩුව ගලවා පසුපැදිකරු අතෙහි තබාගෙන සිටීමය.එමෙන්ම ඔහු ගම්වාසින්ට තර්ජනාත්මක ස්වරයෙන් අභියෝග කරන අයුරු දැක්වෙන බවට වාර්තා වේ.
මෙවන් පුද්ගලයන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කර සිටින්නෙ තවත් ජිවිතයක් අහිමි වීමේ අවධානම පවතින හෙයිනි.