ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහත දමා ඇත.
ඒ අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ලුනු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු.30.00 කින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම පියවර ගෙන ඇත්තේ ජනපතිගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව දැනට වෙළඳපොළේ ඇති මිල ගණන් පහත හෙළිම තුළින් ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් ය.













































