English
සිංහල
19:14 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ ජනතාව බොරුවෙන් අන්ධ කිරීමයි.” – මනූෂ නානායක්කාර

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “ඒත් රට වැටුණ වෙලාවේ ජනතාවගේ බර කරට අරගෙන, රට ගොඩ ගැනීම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලයි.

    වැඩ්ඩෙක් කියලා හිතාගෙන හිටපු සජිත් ප්‍රේමදාස වැඩ බැරි දාස කෙනෙක් කියලා දැන් රටටම පෙනිලා ඉවරයි.

    සජිත්ට හැමදාම විපක්ෂ නායක පුටුවේ ඉන්න අපි උදව් කරනවා.

    ජනතාව දැනුමෙන් ඈත් කරලා බොරුවෙන් අන්ධ කරලා වෛරය කරා ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල වන නමුත් ඉතිහාසයේ සිට රට වැටුණු වෙලාවල්වල ජනතාවගේ බර කරට ගෙන රට ගොඩ ගැනීම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල බවට පත් කරගත් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    වත්තල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

    සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන් මෙම ආසන බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.

    හරින් ප්‍රනාන්දු ඇමතිතුමාගේ හැම රැස්වීමකම හරිම කල එලියක් තියෙනවා. නියම එක්සත් ජාතික පාක්ෂිකත්වය ඒ රැස්වීම්වලදී බලාගන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂයේ තියෙන ආඩම්බරකම තියෙනවා. නායකතුමා මැයි දිනයක් සංවිධානය කළත්, ලොකු රැස්වීමක් සංවිධානය කළත් ඒ සියල්ලම භාරදෙන්නේ හරින්ට. ඒ වගේ දැවැන්ත සංවිධාන ශක්තියක් තියෙන පුද්ගලයෙක්.

    දේශපාලනයේ හැරවුම් ලක්ෂ ගණනාවක් ඔහු අරගෙන තියෙනවා. විශේෂයෙන්ම 2015දී එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න, හැරවුම් ලක්ෂය වුනේ හරින්. දින 52 වෙලාවේ අපි හැමෝටම ශක්තියක් වුනේ හරින්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන්ගේ මන්ත්‍රීධූරය අතහැරලා බදුල්ලට ගියා.

    සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩ්ඩෙක් කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. දුන්නොත් කරයි කියලා හැමෝම හිතාගෙන හිටියා. ඒත් හරින් කියන්නේ වැඩ්ඩෙක් නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්වන්නට හරින්ටයි මටයි පුලුවන්කම ලැබුණා. වැඩබැරි දාස කෙනෙක් කියලා රටට පෙන්නලා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න අපිට පුලුවන් වුනා. දැන් අයිමත් මට රට දෙන්න කියලා කියලා කියන්න ඔහුට අයිතියක් නෑ. ප්‍රේමදාස නෙමෙයි, වැඩ බැරි දාස කෙනෙක් කියලා පෙන්නුවා

    රනිල් වික්‍රමසිංහ නායකතුමාට දුර දක්නා දැක්මක් තිබුණා. මැයි මාසය, ජුනි මාසය වන විට අර්බුද ඇතිවෙනවා කියලා එතුමා කිව්වේ මාස ගණනාවකට පෙරදීයි. පක්ෂ දේශපාලනය අමතක කරලා, එකතු වෙලා මේ ප්‍රශ්ණය විසදා ගනිමු කියලා, හරිනුත් මමත් විවිධ අවස්ථාවලදී හැමෝගෙන්ම ඉල්ලුවා. අපිට තිබුණේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එකයි. කිරිපිටි ටික නැතිවෙන්න යනවා, තෙල් ටික නැතිවෙන්න යනවා, පෝලිම් හැදෙන්න යනවා කියලා අපි කලින්ම කිව්වා. ඒ නිසා තමයි ගෝඨාට බෑ කියලා අපි පාර්ලිමේන්තුවේදී කිව්වේ ඒ නිසා. ගෝඨාට බෑ කියලා විතරක් නෙමෙයි, ගෝඨාට පිස්සු කියලත් කිව්වා. ඒ විතරක් නෙමෙයි, ගෝඨා ගෝ හෝම් කියලා ජනාධිපති මන්දිරය ඉස්සරහට ගිහින් ගෝඨා ගෝ හෝම් කියන වැඩපිළිවෙල පටන් ගත්තේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් කියන එක අපිට අමතක කරන්න බෑ. අන්තිමේදී ඒක ත්‍රස්තවාදීන් අතට ගත්තට ජනතාව අතරින් ආපු විරෝධය ඉදිරියට ගෙන යන්න අපිට පුලුවන් කම ලැබුණා.

    තෙල් නැති, ගෑස් නැති, මිනිස්සු මැරෙන රටක අභියෝගයක් භාගන්නවා කියන්නේ ලොකු දෙයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෙදර ගිනි තියලා තියපු වෙලාවේ පාර්ලිමේන්තුව ගිනි තියන්න සූදානම් වුන වෙලාවේ, ත්‍රස්තවාදීන් රට අල්ලාගන්න හදපු වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්ක අ්ි ආණ්ඩු කරන්න පටන් ගත්තේ. අපි ඒ අභියෝගය භාරගෙන අවුරුද්දකුත් දවසක් ගත වෙනවා. ඒ අභියෝගය භාරගන්න වෙලාවේ හැමෝම ඇහුවේ ජීවිතවලට මොනවා වෙයිද, දේශපාලන අනාගතයට මොනවා වෙයිද කියලා. අපේ දේශපාලන අනාගතයට වඩා රටේ මිනිස්සුන්ගේ ජීවිත අපිට වටිනවා. මිනිස්සු නොකා, නොබී පෝලිම්වල මැරෙනවට වඩා මේ රට මංකොල්ලකාරයින්, ත්‍රස්තවාදීන්ගේ අතට පත් වෙනවාට වඩා අපේ දේශපාලන අනාගතය කැපකිරීම වැදගත් වෙනවා. මිනිස්සුන්ට හුස්මගන්න පුලුවන් තැනකට අපිට රට අරගෙන එන්න පුලුවන් වුනා. රට යථා තත්වයට පත් කරන්න අපිට හැකියාව ලැබුණා. දැන් තියෙන්නේ ඉස්සරහට ගමන යන්න. ඒ සදහා එක්සත් ජාතික පක්ෂය සමග සියලු දෙනඑම එකට එකතු කරගෙන, මේ රට ජයග්‍රහණය කරවීමට, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන හැමෝම එකට එකතු කරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ ර්ටේ ජනාධිපතිවරයා බවට පත් කරගැනීමට කටයුතු කරනවා. 2048දී මේ රට දියුණු රටක් බවට පත් කරගැනීමේ ගමන අපි යමින් තිබෙන්නේ.

    ජනතා විමුක්ති පෙරමුනේ සද්දෙයි බොරුවයි තියෙනවා. මිනිස්සු දැනුමෙන් වියුක්ත කරලා, වෛරය කරා ගෙන යන්න කල්පනා කරනවා. එක්සත් ජාතික පක්ෂය ඉතිහාහසේ රට වැටුණු හැම වෙලාවකම රට ගොඩ ගත්තා. 1977 රට භාරගන්නා විටත් මිනිස්සු පෝලිම්වල හිටියේ. ලාම්පුතෙල් ගද ගහන, සාරි, චීත්ත ඇන්දේ. පිරිම් අය ගන්ටාර මාක් තියෙන සරම් ඇන්දේ. එහෙම යුගයකුයි වෙනස් කළේ. ඒ රට වෙනස් කරන්න හදපු හැම වෙලාවකම වාමවාදී බලවේග ඇතැම් රටවල සහයෝගය ලබාගෙන මේ රට දියුණු වෙන්න දුන්නේ නෑ.

    1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය හදුන්වාදුන්නට පස්සේ, චීනයේ දැන් ඉන්න ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය ගැන ඉගෙන ගන්න ලංකාවට ආවා. සිංගප්පූරුව කිව්වේ ලංකාවෙන් අපි ට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලයි. එහෙම දුර දක්නා දැක්මක් එක්සත් ජාතික පක්ෂයට තිබුණා. නමුත් හදන්න හදන හැම වෙලාවකම වාම වාදී බලවේග එකට එකතුවුනා. කවදාවත් එකට හිටපු නැති ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ එක්ක එකතුවෙලා පෝස්ටර් ගහලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාද කළා. මේ අය හැමදාම එකට එකතුවුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරද්දන්න. එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරන්න. මේ අය දන්නවා 77දී පටන් ගත්ත සංවර්ධනය ඉදිරියට ගියානම්, රනිල් වික්‍රමසිංහ නායකුතුමා අතට බලය ගියොත්, නැවත වතාවක් ආගම්වාදය, ජාතිවාදය විකුණලා, වැසිකිලි කට පෙන්නලා, සමෘද්ධිය දීලා, මිනිස්සු හැමදාම දුප්පත්කමේ තියාගෙන ඡන්ද ගන්න බැරිවෙන බව දන්නවා. ඒ නිසා තමයි මේ අය නිතරම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එන හැම වෙලාවකම ඒකට විරුද්ධව වැඩ කරන්නේ. ඒකට ඇතුලේ ඉන්න අයට විදේශීය බලවේග ඒකට උදව් කරනවා. මොකද මේ රට දියුණු වුනොත් සමහර රටවලට අවශ්‍ය ආකාරයට භූ දේශපාලනික වශයෙන් වැදගත් අපේ රට හසුරවන්න ලැබෙන්නේ නෑ. මේක අපි තේරුම් ගන්න ඕන.

    දැන් අද ජනතා විමුක්ති පෙරමුණ ජනතාව රටවලට නැවත වරක් රට අගාධයකට අරගෙන යන්න උත්සාහ කරනවා. මුල් දවස්වල රටට ඩොලර් එවන්න එපා කියලා කිව්වා. අපි ඩොලර් එවන්න එපා කියලා කිව්වේ නෑ කියලා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියනවා. ඒ වෙලාවේම මම මතක් කරලා දුන්නා, එහෙම ඩොලර් එවන්න එපා කියලා කිව්වේ ටිල්වින් සිල්වා සහ සුනිල්ග හදුනෙත්ති වන බව. ඒක දැන් සමාජ මාධ්‍ය හැම එකම යනවා. ලබන පාර්ලිමේන්තු සතියේදී මම ඒක සභාගත කරනවා. මුන් ඉන්නකම් ඩොලර් එවන්න එපා කියලා හදුන්නෙත්ති කිව්වා.

    රටට ඩොලර් එව්වේ නැතොත් තෙල් ටික ගේන්න බෑ. බෙහෙත් ටික ගේන්න බෑ. ආර්ථිකය කඩාගෙන වැටෙනවා. හංදි හංදි ගානේ මිනිස්සු මැරිලා වැටෙන යුගයක් තමයි ඊට පස්සේ උදාවෙන්නේ. අන්න ඊට පස්සේ ත්‍රස්තවාදී කල්ලියට බලය ගන්න පුලුවන්. නැවත වතාවක් ත්‍රස්තවාදී විදියට බලය අල්ලගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. ඒ වුනාට ෆේස් බුක් එකේ ඉන්න අය අපි මාලිමාවට කියමින් යනවා. මිනිස්සු කොතරම් බුද්ධියෙන් රටවනවාද කියනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ අය සැහැල්ලු දුම්රිය ගැන බොරු වපුරනවා. අත්දැකීම් නැති, අත්දැකීම් තිබුණත් මිනිස්සුන්ට බොරු වපුරන්න තමයි මේ අය කටයුතු කරන්නේ. ඒත් කමක් නෑ අපි මාලිමාවට කියලා කියනවා

    අර හරිනි මන්ත්‍රීතුමිය හරි ප්‍රගතිශීලී කාන්තාවක් කියලා කියනවානේ. අපි පහුගිය දවස්වල කම්කරු නීති සංශෝධන අරගෙන ආවා. කාන්තාවන්ට හා පිරිමින්ට සම තැන දෙන්න, කාන්තාවන්ට සේවා ස්ථානයේදී සිදුවන ලිංගික හිරිහැර වැලැක්වීමට අවශ්‍ය නීති ගේන්න අපි යෝජනා අරගෙන ආවා. කාන්තාවන්ට රාත්‍රී සේවය කරන්න අවස්ථාව දුන්නා. මේවා ආලවට්ටම්, අයිසිං කියලා හරිනි කියන්න ගත්තා.

    කිසිම කෙනෙක් තවත් අයෙක් විනිශ්චය කරන්න එපා කියලා දෙවියන්වහන්සේ කියලා තියෙනවා. අපි හරිනිට කියන්නේ, අපි විනිශ්චය කරන්න යන ව්ට හරිනිම විනිශ්චයට ලක්වෙනවා. හරිනි බොරුවක් කරන්නේ කියලා විනිශ්චය වෙනවා. ප්‍රගතිශීලී කාන්තාවක් බවට බොරු මවාපෑමක් කරන බව තමයි අ්ි පේන්නේ. වෛරය ක්‍රෝදය හරහා දේශපාලන වාසි ගන්න කාන්තාවක් යැයි ඔබටත් කියන්න සිදුවෙනවා.

    වසන්ත සමරසිංහ කියන හාදයා පසුගිය දවස්වල සැහැල්ලු දුම්රිය මාර්ගය ගැන අපූරු කතා ටිකකුත් කිව්වනේ. ඔහු කම්කරු නායකයෙක් ලු. හැබැයි එක දවසක්වත් රස්සාවක් කරලා නෑ. රස්සාවක් වත් නොකර හැම තැනම උද්ඝෝෂණ කරනවා. මොනවාහරි කඩාකප්පල්කාරී දෙයක් කරන්න හදන්නේ. 71දීත් 89දීත් මේ විදියට ජනතාව රවට්ටලා, දැනුම පැත්තකට දාලා, වෛරයෙක් ක්‍රෝධයෙන් ජනතාවගේ ඇස් වහලා අවුරුදු 17, 18, 19 කොල්ලෝ කෙල්ලෝ පාරට බස්සලා, කෝච්චි ගිනි තියන, බස් ගිනි තියන, ගොවිජන මධ්‍යස්ථාන ගිනි තියන තැනට රට පත් කළා. හැබැයි ඒ අවස්ථා දෙකේදීම පාලන බලය ගන්න ඒ අයට බැරි වුනා. මේ තුන්වැනි අවස්ථාවේදී මිනිස්සු රවට්ටලා, වෛරය ක්‍රෝදය හදලා, අවි ආයුද අතට අරගෙන ගැටුම් කරන්න හදන්නේ. මේ රට ගිනි තියලා ත්‍රස්තවාදී ක්‍රමයට බලය ගන්න හදනවා කියලා කිව්වත් අපි මාලිමාවට කියලා සමහරු කියන්න ගනීවි.

    අපේ රටේ ජනතාවගේ ඇස් දැන් ඇරිලා තියෙන්නේ. ඒ නිසා තමයි පොදු ජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දීපු අය, මන්ත්‍රීවරුන්ගේ ඉදලා හැමෝම අපිත් එක්ක අත්වැල් බැදගෙන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව වතාවක් නෙමෙයි, දෙකක්ම බලයට පත් කරලා මේ රට දියුණු රටක් බවට පත් කරන්න ඕන කියලා රටට, ජනතාවට ආදරේ අය අපිත් එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.

    ඒකට සජිත් ප්‍රේමදාස. පෙරේදා වෙනකම් අපේ නායකයා. පෙරේදා අපි පක්ෂයෙන් අයින් කළා. ඒ පක්ෂයේ හිටපු ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා. හෙට අනිද්දට ඔය මන්ත්‍රීවරු ටිකත් අපිත් එක්ක එකතු වෙනවා.

    දැන් උදේ පාන්දර පාර්ලිමේන්තුව ඇවිත් න්‍යායපත්‍රයෙන් පිට ගිහින් මොනවා හරි අදෝනාවක් කරනවා. මේ සිල්ලර දේශපාලනය, වොයිස් කට් දේශපාලනය කරන්න එපා කියලා කිව්වා. ඒ කතාව කියලා ඉවර වුනා විතරයි, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ඇවිත් මට කතාවක් කිව්වා. අපේ ගෙවල්වල අම්මලා තාත්තලා දරුවන්ට කන්න ඉතිරි කරලා තමයි කන්නේ කියලා කිව්වා. ඒත් විපක්ෂ නායකතුමා ආපු වෙලාවේ ඉදලා වෙලාව කාලා, කාලා ඉතිරි වුනොත් තමයි අනික් මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙලාවක් දෙන්නේ කියලා කිව්වා. ඒ වගේ වැඩ කරන විපක්ෂ නායකතුමාට හැමදාමත් විපක්ෂ නායක පුටුවේ ඉන්න අපිට දෙන්න පුලුවන් උපරිම සහාය අපි ලබාදෙනවා.”

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version