වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.














































