හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය අප්‍රසාදය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවය.
හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව එම සංගමය පෙන්වාදෙයි.
මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.