අද (28) දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරයේ දෙවන දිනයයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද දිනයේ ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා ජපාන අධිරාජ්‍යවරයා හමුවීමට ද නියමිතව ඇත.
ඉන් අනතුරුව පිලිපීනයේ මැනිලා නුවර දී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට ද ජනපති සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
එහි මුලසුන මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීම විශේෂත්වයකි.
ඒ සඳහා අද දිනයේ ජනාධිපතිවරයා පිලිපීනය බලා පිටව යාමට නියමිත අතර රැස්වීම අතරතුර ආසියානු සංවර්ධ බැංකුවේ සභාපති මසත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද ජනපති සැලසුම් කර ඇත.
















































