ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (25) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එහි දී ජනපති සහභාගී වීමට නියමිතව ඇත.
මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බව ද වාර්තා වේ.
මෙනිසා ජපානයේ ටෝකියෝ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව ද වාර්තා වේ.
එමෙන්ම ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ රැඳී සිටින කාලය තුළ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
















































