ඊයේ (09) දින පවතින රජයට වහා ඉවත්වන ලෙස ප්‍රකාශ කරමින් දිවයිනේ සියලු ප්‍රදේශයන්ගෙන් දහස් ගණනින් ජනතාව කොළඹ ගාලුමුවදොර වෙත පැමිණ සිටියහ.
අනතුරුව එම ජන ගඟ පොලිස් මාර්ග බාධක බිඳ දමමින් කොටුව ජනාධිපති මන්දිරයට කඩා වදින ලදී.
එම පිරිස ජනාධිපති මන්දිරයේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටිනු අප සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත් අතර ජනාධිපති මන්දිරය තුළ තිබී මුදල් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ද මෙම අරගලකරුන් සමත් විය.
ඒ අනුව එහි තිබී රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් හමුව තිබූ බව වාර්තා වේ.














































