ගිය වසරේ ජුලි 9 වනදා ජනපති මැදුරේ තිබී හමු වූ එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසක මුදල හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට අයත් මුදල් බව පිළිගෙන ඇති බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් පවසා ඇත.
පසුගිය 13 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ විසින් මෙම මුදල් සම්බන්ධව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.














































