ඉන්දියාවේ දෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 196 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි බවට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා සදහන් කර තිබේ.