ජනරාල් කමල් ගුණරත්න මහතා නැවතත් ආරක්ෂක ලේකම් ලෙස පත් කර තිබේ. අවසන මානුෂීය මෙහෙයුමේ දැඩි කාර්යබාරයක් ඉටුකරමින් 53 වන සේනාංකයට ඔහු නායකත්වය ලබා දෙන ලදී.
ඔහු විශ්‍රාම ගොස් දින කිහිපයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොතක්ද එලි දැක්වීය. පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයා වූ ඔහු දැවැන්ත සේවයක් ශ්‍රී ලංකාව වෙනුවනේ ක්‍රියාත්මක කරන ලදී.
කෙසේ නමුත් පසු ගිය මාර්තු 31 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදුකල සියලුම නීතිවිරෝදී කටයුතුවලට ඉඩ හසර ලබා දීමට සහ ඒවාට ආධාර අනුබල දීමද පිලිබඳව චෝදනාවද තිබේ. නමුත් ඒ පිලිබදව කිසිවෙකුත් සෘජුවම චෝදනා නොකලත් අද (22) සිදු වූ සිදුවීමට පවා ආරක්ෂක ලේඛම් ලෙස ඔහුද වගකිව යුතුය.
කෙසේ වෙතත් අවසන් මෙහෙයුමේදී රට වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් සිදුකිරීම කැපී පෙනෙන කටයුත්තක් වන අතර යුධ හමුදාධිපති තනතුර පෙනී පෙනී තිබියදී ඔහු තනතුරින් විශ්‍රාම යවන ලදී.














































