විවිධ හේතු කියමින් තවමත් සොයාගැනීමට අපොහොසත්ව තිබෙන කොළඹ 7 සිදු වූ කෝටිපතියෙකු වන ජනශක්ති සභාපති සාෆ්ටර්ගේ ඝාතනය පිලිබදව විමසීම සදහා ජේෂ්ඨ මාධ්‍ය වේදීන් දෙදෙනෙකු 2023 01 23 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත කැදවා තිබේ.
ඒ අනුව සති අග අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘ වන මහින්ද ඉලේපෙරුම සහ එම පුවත්පතේම සේවය කරන තිස්ස රවීන්ද්‍ර පෙරේරා යන මහත්වරුන්ට මෙම කැදවීම සිදුකර තිබේ. අප මේ ගැන සොයා බැලීමේදී අපට වාර්තා වුයේ එම පුවත්පත මගින් ඔහුගේ “මරණය සිය දිවි හානි කරගැනීමක් ලෙස CID ය තහවුරු කරගනී” යන මැයෙන් පලකරන ලද පුවතක් මෙම කැදවීමට හේතුව වී තිබේ.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතමේන්තුවට ඇතිව තිබෙන ගැටලුව වන්නේ ඔවුන්ගේ පරීක්ෂණ මාධ්‍යයට ගියේ කෙසේද යන්න සොයාගැනීමමය. කෙසේ වෙතත් මාධ්‍යවේදීන් තොරතුරු ලබා නොදෙන අතර කිසිදු පරීක්ෂණයක් සදහා අවශ්‍ය කිසිදු සාක්ෂියක් අනාවරණයට කිරීමටද බැදී නැත. ඒ ඔස්සේ ගොස් අදාල කරුණ නීතියානුකූලව ඔප්පු කරගැනීමේ වගකීම ඇත්තේ ඔවුන් සතුවය. එසේම තොරතුරු සපයනන් අනාවරණය නොකිරීමටද සම්පූර්ණ අයිතියක් ඔවුන්ට තිබේ.
මෙම සාෆ්ර්ගේ මරණය පිලිබදව තොරතුරු ලබා ලබා ගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි .