ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සැඟවී හෝ පලා ගොස් තිබේ. ඔහු සිටින්නේ කොහේ වුවත් මේ වන විට විවිධ පාර්ශ්වයන් වලට දැනුම් දී තිබෙන්නේ ඉවත් වූ බවයි. නමුත් මේ වන තෙක්ම ඔහු ඉවත් වූ බවට ලිඛිත නිවේදනයක් නිකුත් කර නොමැත.
මේ වන විට අධිබල සහිත ලොව එකම ජනාධිපති කෙනෙකුට නොවිය යුතුව තිබු සියල්ලම සිදුව තිබේ. අප දිගින් දිගටම මෙම වෙබ් අඩවිය හරහා දිනපතාම මේ පිලිබදව අනතුරු හැගවුයේය. නමුත් ඔවුන්ගේ උද්ධච්චකම ඉහලින්ම තිබුනේය. දැන් එහි ප්‍රතිපල ලබී තිබේ. ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමේ ලිපිය වහාම ලබාදෙන ලෙස මේ වන විටත් අරගලකරුවන් නිවේදනය කර තිබේ. අරගලයේ මුල සිටම ක්‍රියාකාරිකයෙකු වූ වසන්ත මුදලිගේ ජනාධිපති මන්ධිරයේ සිට ප්‍රකාශ කරනු ලැබුවේ වහාම ඉල්ලා ඉල්ලා අස් වීමේ ලිපිය බාර දෙන ලෙසයි.
සම්පූර්ණ වීඩියෝව බලන්න.













































