රුසියාවේ හිටපු තානධිපතිවරයෙක් මෙන්ම විවිධ චෝදනාවලට ලක්ව සිටි, රතු වරෙන්තු නිකුත් කල නිසා කාලයක් සැගවී සිටි , රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු බව කියවෙන උදයංග වීරතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර්වල පාලනය ගැන චෝදනා රාශියක් අනාවරණය කරන ලදී. ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල නාලිකාවකදී පැවති සාකච්චාවකදීය.
එහිදී වර්තමාන ජනාධිපති ලේඛම් වන ගාමිණි සෙනරත් මහතා රුසියානු තානාපති කම සල්ලි වලට විකුණන බව නොහොතත් අල්ලස් ලබා දෙන පුද්ගලයන්ට ලබා දෙන බවද සදහන් කරන ලදී.
ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පාස්පෝට්,උපදේශක කම් ලබා දුන්නේද මුදල ලබාගෙන බවාඩ් සදහන් කරනලදී.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ ලේඛම්වරුද ෆේල් බවද, රටේ කෘෂිකර්මය විනාශ කරපු මහින්දානන්ද යනු අනුන්ගේ කූඩුවේ බිත්තර දාන කොහෙක් බවද ඔහු දැන් ජනාධිපතිගේ උපදේශකයෙකු බවද, රුසියානු ජනාධිපති පූටින්ට දුරකථන ඇමතුමක් ගත්ත කතාව බොරුවක් එහිදී සදහන් කරන ලදී.
එසේම සතියට ඩොලර් ලක්ෂ 12ක් ගෙනාපු රුසියානු ගුවන් යානා ඇමරිකානු ගැති ජනාධිපති නතර කල බවද, රුසියාවට ගියපු ඇමති සුසිල් තෙල් ගේන එක කොහොම උනත් තෙල් මාරු කරගෙන පැමිණෙන බවද. ඇමතිලා රට යන්නේ තෙල් මාරු කරගන්න බවද ඔහු අදහන කරන ලදී.
එසේම රුසියාවෙන් තෙල් ගේන වැඩේ බාර දුන්නොත් ඔහු එය කරන බවද වැඩි දුරටත් සදහන් කරන ලදී. සම්පූර්ණ වැඩසටහන පහලින් බලන්න.













































