ජල බිල්පත් ගෙවීම 40% කින් පහළ බැස ඇති බවත් රුපියල් මිලියන 8400ක බිල්පත් පාරිභෝගිකයන් ගෙවා නොමැති බවත් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ බිල්පත් නොගෙවීම හේතුවෙන් මේ වන විට මණඩලයේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල වී ඇති බවයි.එමෙන්ම විදුලි බිල ඉහළ යාමත් සමග ජල බිල ද ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වන විට ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කරන ලදී.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ රුපියල් මිලියන 8,400 කින් රුපියල් මිලියන 6,200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයින් බවයි.














































