පසුගිය ජූලි මස අල්කයිඩා නායක අයිමාන් අල්සවාහිරී ඝාතනය කිරීමෙන් පසුව පළමු වරට තලෙයිබාන් සංවිධානය සහ අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් සිදුව ඇත.
ඒ සඳහා අමෙරිකානු සී.අයි.ඒ.නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඇෆ්ගින්ස්ථානය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළම නිලධාරියා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර තලෙයිබාන් බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල් හක් වසීක් එරට නියෝජිත පිරිසට ඇතුළත්ව සිටි බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ කටාර්හි දී පැවති මෙම හමුවේ දී මීට පෙර දෙරට අතර ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.















































