මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.
එම නිවේදනය තුළින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් ඉදිරියේ දී ලැබෙන බවත් එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මක බවත්ය.
අගෝස්තු මස 24 වනදා සිට අද (01) දක්වා මෙරට බලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් වන පීටර් බ්රුඅර් සහ මසහීරෝ නොසාකි විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට “පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ” සඳහා සහායවීමයි.
“නව විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසර බව ඇතිකිරීමට උදව් වෙයි.එමගින් රට තුළ මූල්‍ය ස්ථායිතාව ඇති කරමින් දූෂණ අවදානම අඩුකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන තවත් වර්ධනය කිරීමට උපකාරී වෙයි.”