ඔක්තෝබර් 04වන දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සේවාවන් ලබා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි.
දිනයක් වෙන් කරගැනීම සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 අංකය ඇමතිය හැකි අතර ස්ථාවර දුරකථනයකින් නම් 1225 අංකය ඇමතිය හැකි බවත් www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින බවයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.
එමෙන් ම ඊ චැනලින් සේවාව තුළින් ද දිනයක් වෙන් කර ගැනීමට හැකි අතර මීට පෙර ඊ චැනලින් සේවාව ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගත් නමුත් සේවාවන් ලබා ගත නොහැකි වූ සේවාලාභියෙක් නම් පසුව නැවත සේවාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය දැනුම්දෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.















































