ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයේ නියුතුව සිටි ආසිරි විජේසුන්දර මහතා ඊයේ රාත්‍රී සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්තවී තිබෙන බව වාර්තා වේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 35කි.
අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 08.40 ට පමණ පානදුර – රත්නපුර මාර්ගයේ කිරිඇල්ල පොලිසිය අසළදීය.
ආසිරි විජේසුන්දර මහතා සහ ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් කිරිඇල්ල දෙසට ගමන්කරමින් සිටියදී රත්නපුර බලා ගමන්ගත් ඩිෆෙන්ඩර් ජීප් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
ඩිෆෙන්ඩර් රථය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදියේ සහ තවත් මෝටර් රථයක ගැටී තිබේ.
යතුරු පැදියේ ගමන්ගත් ආසිරි විජේසුන්දර මහතා එම ස්ථානයේම මියගොස් සිටි බවයි කිරිඇල්ල පොලිසිය සඳහන් කර තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔහුගේ බිරිඳ රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.
ආසිරි මහතාගේ දේහය මේ වන විට පරික්ෂණ කටයුතු සඳහා රත්නපුර රෝහලේ තැන්පත් කර තිබේ.














































